නිව් යෝක් පොලිසිය විසින් එම නගරයේ විශ්ව විද්‍යාල දෙකක සිදුකළ මෙහෙයුම් වලින් විරෝධතාකරුවන් 300ක් පමණ ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලම්බියා හා සිටි යුනිවර්සිටි ඔෆ් නිව් යෝක් යන විශ්ව විද්‍යාල වලයි.
සාමකාමී විරෝධතාවයකට බාධා කළ පිරිසක් ඉවත් කරන මෙන් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් සිදුකළ ඉල්ලීමක් මත මෙම මෙහෙයුම සිදුවූ බව නගරයේ නගරාධිපති එරික් ඇඩම්ස් මහතා පවසා ඇත.
ගාසා යුද වාතාවරණය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම ඇමෙරිකානු විශ්ව විද්‍යාල වල විරෝධතාවයන් පැවති අතර, ඊශ්‍රායලයට සම්බන්ධ සමාගම් සහ පුද්ගලයන් වර්ජනය කරන ලෙස සිසුසිසුවියන් ඉල්ලා සිටියි.
මෙලෙස පලස්තීනයට සහය දනවන මෙම විරෝධතාකරුවන් හා ප්‍රතිවරෝධී පාර්ශවයේ පිරිස් අතර ගැටුම් වාර්තාවේ.
(මූලාශ්‍රය : බීබීසී)