දකුණු අප්‍රිකාවේ පතලක සිරවීමෙන් මියගිය සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් තිබේ.
මියගොස් ඇති පිරිස නීතිවිරෝධි පතල් කම්කරුවන් බවයි විදෙස් මාධ්‍ය පවසයි.
දකුණු අප්‍රිකාවේ අතහැර දැමු රන් පතලක කැනිම් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇත.
ඔවුන් දින ගණනක් පතල තුළ සිරවී සිට ඇති බවයි වාර්තා වේ.
කුසගින්න සහ විජලනය හේතුවෙන් එම පිරිස මියගොස් ඇති බව සඳහන්ය.
පතලේ සිරවි සිටි කම්කරුවන් කිහිපදෙනෙකු බේරා ගැනීම සිදුවිය.
ගලවා ගැනිමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව එරට බලධාරින් පවසයි.