Connect with us

විදෙස්

පාකිස්ථානයට, ඉන්දීය ගුවන් සීමාව තහනම් වෙයි

Published

on

පාකිස්ථානය හිමිකාරිත්වය දරන සහ පාකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර තිබේ.

ඒ දෙරටේ ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමකය.

පසුගියදා ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හිදී පාකිස්ථානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් සංචාරකයින් 26 දෙනෙකු මිය ගියේය.

ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව මෙම පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියානු හිමිකාරිත්වය දරණ සහ ඉන්දියානු පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට පාකිස්ථාන රජය විසින් පියවර ගෙන තිබිණි.

පුවත්

කොළඹ වරායට අභියෝග කරමින් කේරලයේ නව බහු කාර්ය වරායක්

Published

on

By

කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය වරාය විවෘත කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගෞතම් අදානි විසින් මෙම වරාය විවෘත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මෙය එරට පළමු ප්‍රතිනැව්ගතකරණය කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස ඉතිහාසයට එක් වෙයි.

දකුණු ආසියාවේ ප්‍රාථමික ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානය ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇති කොළඹ වරාය හරහා දැනට යොමු කරනු ලබන භාණ්ඩවලින් සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීම සඳහා ඉන්දියාව මෙම වරාය නිර්මාණය කර තිබේ

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොළඹ වරායට මෙමගින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට අදහස් පලවී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනේ කොළඹ වරායට පමණක් නොව මේ හරහා ඩුබායි වරායටද කිසියම් බලපෑමක් එල්ලවනු ඇති බවය.

රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සංවර්ධනය කර ඇති මෙම විසිංජාම් වරාය බහාලුම් හැසිරවීමේදී ඉන්දියාව විදේශීය වරායන් මත යැපීම අඩු කරනු ඇති බව සඳහන් වේ.

එමෙන්ම තිරුවානන්පුරම් හි පිහිටා ඇති මෙම වරාය කලාපීය නැව් මාර්ග නැවත සකස් කිරීම මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමේ ඉන්දියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් නිර්මාණය කර තිබේ.

Continue Reading

විදෙස්

ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් ධූරයෙන් ඉවතට

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් සිය ධූරයෙන් ඉවත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, යේමනයේ හූති කැරලිකරුවන්ට එරෙහිව ප්‍රහාරයක් සඳහා වන සැලසුම් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක නිලධාරීන් සාකච්ඡා කළ සමූහ සංවාදයකට (chat group) මාධ්‍යවේදියෙකු අහම්බෙන් එකතු කිරීම (added) හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජාතික ආරක්ෂක උපදේශක තනතුරේ වැඩ බැලීමට මාර්කෝ රූබියෝ පත් කර ඇති බව ය.

ධූරයෙන් ඉවත් කළ අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරයා ලෙස පත් කර තිබේ.

මයිකල් වෝල්ට්ස් යනු ෆ්ලොරිඩාවේ හිටපු කොංග්‍රස් සභිකයෙකු වන අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය තුළ ධවල මන්දිරයේ පරිපාලනයෙන් ඉවත් කළ පළමු ජ්‍යෙෂ්ඨ සාමාජිකයා ඔහු වේ.

Continue Reading

විදෙස්

පාසැල් දරුවන්ගේ කෑම වේලේ සර්පයෙක්. සිසුන් 100කට වඩා රෝහලේ

Published

on

By

ආහාර විෂ වීමක් හේතුවෙන් ඉන්දියාවේ පාසල් ළමුන් 100කට අධික සංඛ්‍යාවක් රෝගාතුර වී තිබේ.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මොකාමා නගරයේ පාසලක, ළමුන්ට නොමිලේ ලබා දුන් දිවා ආහාරවල තිබී මියගිය සර්පයෙකු හමුවී ඇති බවයි වාර්තා වේ.

ඒ හේතුවෙන් මෙම ආහාර විෂ වීම සිදුව ඇති බව බලධාරීන් සඳහන් කරයි

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මේ වනවිට පාසල් ළමුන් 100කට අධික සංඛ්‍යාවක් මේ හේතුවෙන් රෝහල්ගත කර ඇත

ඉන්දියාවේ ජාතික මානව හිමිකම් කොමිසම පවසන්නේ මියගිය සර්පයා ඉවත් කර එම ආහාර ළමුන්ට බෙදා දී ඇති බවය.

ළමුන් 500 දෙනෙකු පමණ එම ආහාර පරිභෝජනය කර ඇති බවද සඳහන්ය.

ළමුන් රෝගාතුර වීමෙන් පසු ප්‍රදේශයේ දැවැන්ත විරෝධතාවයක් ද සංවිධානය කර ඇති බව සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved