Connect with us

විදෙස්

පුටින් උතුරු කොරියාවට

Published

on

රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින් ගේ උතුරු කොරියානු නිල සංචාරය ආරම්භ වී තිබේ.

උතුරු කොරියානු නායක – කිම් ජොං අන් විසින් පුටින්ව රතු පලස මතින් පිළිගෙන ඇත.

රුසියානු රාජ්‍ය නායකයෙකු මෙලෙස උතුරු කොරියාවේ සංචාරයක නිරත වන්නේ වසර 24කට පසුවයි.

ප්යොංයැං අගනුවර වීදි දෙරට ජාතික කොඩි විලින් හා පුටින්ගේ රූප වලින් සරසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුවත්

අධික උණුසුමෙන් පාකිස්ථානයේ 500 ක් මරුට

Published

on

By


අධික උණුසුම හේතුවෙන් ගත වූ දින 06 ක කාලය තුළ පාකිස්ථානයේ පුද්ගලයින් 500ක් පමණ මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ, ඇතැම් දිනවල එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 සහ 50 දක්වා ඉහල ගොස් තිබූ බවය.

මිය ගිය බොහෝ පිරිසක් අවුරුදු 60-70 අතර හෝ අවුරුදු 70 ඉහල පුද්ගලයින් බවට වාර්තා වේ.

පාකිස්ථාන වාර්තා සදහන් කළේ එළිමහනේ රැකියා කරන පුද්ගලයින් මෙලෙස මිය ගොස් තිබේ.

Continue Reading

ක්‍රීඩා

ඩක්වර්ත් ලුවිස් න්‍යාය හඳුන්වා දුන් ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සමුගනියි

Published

on

By

වර්ෂාවෙන් බාධා එල්ලවූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ එක නිපැයුම්කරුවෙක් වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඔහු මියයන විට 84 වැනි වියේ පසුවිය.

ඉංග්‍රීසි ජාතික සංඛ්යානවේදීන් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද එම ක්‍රමවේදය පළමුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී භාවිත කළේ 1997 දීය.

එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විධිමත් ලෙස සම්මත කරන ලද්දේ 2001 දීය.

නමුත් 2014 දී DLS ලෙස එම ක්‍රමවේදය නම්කරන ලද්දේ ඔස්ට්‍රේලියානු ජාතික ස්ටර්න් විසින් එම ක්‍රමවේදයට සිදුකළ වෙනස්කම් සමගිනි.

Continue Reading

පුවත්

චන්ග්-අ හය, යළිත් පෘථිවියට

Published

on

By

චීනයේ චන්ග්-අ හය සඳ තරණ අභ්‍යාවකාශ යානය, සිය අභ්‍යාවකාශ මෙහෙයුම සාර්ථකව නිම කරමින් අනතුරුව, පෘථිවියට යළිත් පැමිණ තිබේ.

මෙම යානය ජුනි 25වැනිදා චීනයේ ඉනර් මොංගෝලියා ස්වයං පාලන ප්‍රදේශයට ගොඩ බැස තිබුණේ බෙයිජිං වේලාවෙන් ප.ව. 2.07ට යි.

ඒ අනුව, මෙම මෙහෙයුම අතිසාර්ථව නිම කළ බව චීනයේ ජාතික අභ්‍යාවකාශ පරිපාලනය පවසයි.

මැයි 03වැනිදා අභ්‍යවකාශගත කෙරුණු චීනයේ චන්ග්-අ හය සඳ තරණ අභ්‍යාවකාශ යානය, මෙලෙස යළි පැමිණියේ පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ අනෙක් පැත්තෙන් රැස්කළ පාෂාණ සාම්පලද සමගයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved