විදෙස්

පෘථිවියට බෙහෙවින් සමාන ග්‍රහයෙක්

Published

on

පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති.

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන්, මෙම නව ග්‍රහලෝකය සොයාගෙන ඇත්තේ, ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වෙමින් යැයි ද පැවැසෙයි.

යුරෝපා විද්‍යාඥයන් මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ග්ලීස් 12 බී’ යනුවෙනි.

තරාකා විද්‍යාඥයන් මීට පෙර ද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන ඇති නමුත්, ‘ග්ලීස් 12 බී’ පෘථිවියට බෙහෙවින් සමාන, ජීවත් වීමට වඩාත් සුදුසු ග්‍රහයකු බව පැවැසෙයි.

‘ග්ලීස් 12 බී’ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ක් පමණ විය හැකි බව ද තාරතා විද්‍යාඥයන්ගේ ඇස්තමේන්තුව වී තිබේ.

මෙම නව ග්‍රහලෝකය ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක් දුරිනි. නව ග්‍රහලෝකය දින 12.8 කට වරක්ම, එම ග්‍රහලෝකය අයත් ග්‍රහ මණ්ඩලයේ තරුවක් වටා කක්ෂගත වන බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

(ලංකාදීප)

Trending

Exit mobile version