බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැර තිබේ.
මැතිවරණයක් කැඳවීමට තවත් කාලය ඉතිරිව තිබියදී, වසර 14ක් බලයේ සිටින කොන්සර්වේටිව් පාලනයෙන් පසු විපක්ෂයේ කම්කරු පක්ෂයට බලය හිමි වීමේ වැඩි ඉඩකඩක් ඇතිබව හොඳින්ම පෙනෙන්නට ඇති මොහොතක මෙම මැතිවරණය කැඳවා තිබීම විශේෂත්වයකි.
මැතිවරණය ජූලි මස 04වනදා පැවැත්වීමට නියමිතය.