Connect with us

විදෙස්

‘බාර්බි සන්නාමය’ සහිත දුරකථනයක්

Published

on

එක්සත් රාජධානියේ, ‘බාර්බි සන්නාමය’ සහිත දුරකථනයක් හඳුන්වා දී තිබේ.

රෝස පැහැති, කුඩා ප්‍රමාණයේ, හුරුබුහුටි දුරකථනය මූලික ම උපාංගවලින් පමණක් සමන්විත වන බව සඳහන්ය.

ඉදිරිපස කැමරාවක් නොමැති එහි එක් දුරකථන ක්‍රීඩාවක් සහ සීමිත අන්තර්ජාල ප්‍රවේශයක් ඇති බව නිෂ්පාදකයින් පවසයි.

මෙවන් හඳුන්වාදීමක මූලිකම අරමුණ, ‘තරුණයින්ට ඔවුන්ගේ ස්මාර්ට් ෆෝන්වලින් විවේකයක් ගැනීමට උපකාර කිරීම’ වන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Nokia සඳහා දුරකථන නිපදවන නිෂ්පාදක HMD, පෙන්වා දෙන පරිදි ‘සිය ජීවිතවලට කුඩා ඩිජිටල් බලපෑමක් අවැසි පුද්ගලයින්’ මෙම දුරකථනය තෝරාගනු ඇත.

එමෙන්ම මෙම දුරකථනය දරුවන්ගේ භාවිතය සඳහා ද වඩා යෝග්‍ය බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

විදෙස්

කැනඩාවේ සමූහ වෙඩි තැබීමක්

Published

on

By

කැනඩාවේ ටොරොන්ටෝ හි දී සමූහ වෙඩි තැබීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

එරට පොලීසිය සැකපළ කරන්නේ වෙඩි තැබීම සඳහා පුද්ගලයින් කිහිපදෙනෙකු පැමිණ ඇති බවටය. 

Continue Reading

විදෙස්

දකුණු කොරියානු නව ජනාධිපති දිවුරුම් දෙයි

Published

on

By

දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.

සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී ඔහු මෙලෙස දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ලී ජේ මියුන්ග් මෙලෙස ජයග්‍රහණය වාර්තා කළේය.

ඒ ආන්දෝලනාත්මක දකුණු කොරියානු ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් බලයෙන් පහකිරීමෙන් පසුව පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුවය.

ප්‍රකාශිත ඡන්දවලින්  49.31%ක වැඩි ප්‍රතිශතයක් දිනාගැනීමට ලී ජේ-මියුන්ග් සමත්වුණි.

ලී ජේ-මියුන්ග් ගේ ප්‍රතිවාදීන් ලෙස ජනාධිපතිවරණයට පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ සහ තවත් අපේක්ෂකයින් තිදෙනෙකු තරග කරනු ලැබීය.

ප්‍රතිවාදී කිම් මූන් සූ ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය  41.30%කි.

Continue Reading

විදෙස්

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ඇරඹේ

Published

on

By

ඉදිරි වසර 5ක කාලසීමාව සඳහා දකුණු කොරියාවට නව ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම අද (09) ආරම්භ වී තිබේ.

ජනාධිපතිවරණය සඳහා මිලියන 44.39ක ඡන්දදායකයන් අද සිය ඡන්දය භාවිත කරනු ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ, පෙරවරු 11 වන විට, මිලියන 8.1 ක ජනතාවක්, එනම් ඡන්දදායකයින්ගෙන් 18% කට වඩා වැඩි පිරිසක්, රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 14,295 කදී ඡන්දය ප්‍රකාශ කර තිබූ බවය.

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය පසුගිය අප්‍රේල් 04 වනදා තීන්දු කළේය.

ඒ අනුව තවත් දින 60ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග කෙරුණු අතර, එතෙක් ධුරයේ කටයුතු කරන්නේ වත්මන් වැඩබලන ජනාධිපති හන් දොක් සූ යි පත් කෙරුණි.

රටට හදිසි යුද නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් කටයුතු කළේ පසුගිය වසරේ දෙසැම්බර් මස 3 වනදා ය.

ඒ සමඟ එරට දැඩි දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවුණි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරමින් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමටත් එරට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කටයුතු කළේය.

ඔහු සම්බන්ධ නඩුවක් එරට ව්‍යවස්ථා අධිකරණයට ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවය.

එම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී යුන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් නෙරපීමට අධිකරණය තීන්දු කළේය.

තීන්දුව ලබාදුන්නේ දකුණු කොරියාවේ ඉහළම අධිකරණයේ විනිසුරුවන් 8 දෙනෙකුගෙන් යුතු මඩුල්ලක් විසිනි.

එහිදී ඔවුන් 8 දෙනාම එම තීන්දුවට පක්ෂව ඡන්දය ලබා දී තිබුණි.

මෙලෙස හදිසි යුද නීතිය පැනවීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමගින් රට දරුණු ජාතික ආපදාවකට හෙලා ඇති බවත්, තීන්දුව ප්‍රකාශ කරමින් අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා පවසා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved