විදෙස්

බැල්ටිමෝර් අනතුරෙන් මියගිය දෙදෙනෙකුගේ සිරුරු හමුවේ

Published

on

බැල්ටිමෝර් නෞකා අනතුරෙන් මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකාවේ බැල්ටිමෝර් වරාය අසළ පාලමේ පෙරේදා දිනයේදී ඩාලි නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගැටීමෙන් අනතුරක් සිදු වුණු අතර, එම අවස්ථාවේදී පාලම මත සිටි ඉදිකිරීම් කම්කරුවන් 08 දෙනෙකු ජලයට වැටී තිබුණි.

ඉන් දෙදෙනෙකු එදිනම බේරාගෙන තිබුණු අතර, ඉතිරි සයදෙනා මිය යන්නට ඇතැයි අනුමාන කර ඇත.

මෙලෙස හමුවී ඇත්තේ එලෙස අතුරුදහන් වූ දෙදෙනෙකුගේ සිරුරුය.

රතු පිකප් රථයක තිබියදී එම සිරුරු හමුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත්, ජලය යට ඇති පාලමේ සුන්බුන් හා කොන්ක්‍රීට් කැබලි හේතුවෙන් කිමිදුම්කරුවන්ට දිය යට කිමිදීම අසීරු වී ඇති අතර, මේ හේතුවෙන් සෝනාර් හා ස්ක්‍රෑන් තාක්ෂණය යොදාගනිමින් සිරුරු සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Trending

Exit mobile version