විදෙස්

බැල්ටිමෝර් නැව් මාර්ගය නැවතත් විවෘතයි

Published

on

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගැටීමෙන් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් සති 11කට පසු බැල්ටිමෝර් වරාය ආශ්‍රිත නැව් මාර්ගය සම්පූර්ණයෙන්ම යළි විවෘත කර තිබේ.

එක්සත් ජනපද හමුදා ඉංජිනේරු බළකාය පැවසුවේ කඩා වැටුනු යතුරු පාලම නිසා වසා දැමුණු මාර්ගය දැන් සංක්‍රමණය සඳහා ආරක්ෂිත බවය.

අඩි 700 (මීටර් 213) පළල සහ අඩි 50 (මීටර් 15) ගැඹුරු එම මුහුදු ඇල මාර්ගය හරහා ඉදිකර තිබූ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ පසුගිය මාර්තු 26 වන දින ඩාලි නැව ගැටීමෙන් පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටුණු අතර, ඉදිකිරීම් කම්කරුවන් හය දෙනෙකු මුහුදට වැටී මරණයට පත් විය.

එක්සත් ජනපද හමුදා ඉංජිනේරු බලකාය පවසා ඇත්තේ, පාලම කඩා වැටීමෙන්, ටොන් 50,000 ක සුන්බුන් ඉවත් කිරීමට ලොව පුරා සිටින විශේෂඥයින් ඇතුළුව 2,000ක් පමණ පිරිසක් එම නැව් මාර්ගය යතා තත්ත්වයට පත් කිරීමට එක්වූ බවයි.

Trending

Exit mobile version