පුද්ගලයන් 67 දෙනෙකු ගමන්ගත් අසර්බයිජානයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ දී කඩාවැටී ඇතැයි BBC පුවත් සේවය වාර්තා කරයි.
කසකස්තානයේ ඇක්ට නගරය ආසන්නයට මෙම ගුවන්යානය කඩාවැටී ඇත.
කෙසේ නමුත් මෙම අනතුරෙන් 25 දෙනෙකුට වැඩි පිරිසක් දිවි ගලවාගෙන ඇතැයි වාර්තා වේ.ගුවන් යානය කඩාවැටීමත් සමග ගින්නක් හටගෙන ඇති නමුත්, පසුව එය නිවාදමා තිබේ.
කෙසේ නමුත් ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඇතැම් රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ අනතුරකට ලක්වීමට පෙර මෙම යානය පක්ෂීන් රෑනක් හා ගැටී ඇති බවයි.