විදෙස්

මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද

Published

on

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරවය සහිතව අද (28) පැවැත්වේ.

නවදිල්ලි නුවර පිහිටි නිගම්බෝද් ගාට්හීදී පෙ.ව. 11.45ට මෙම කටයුතු සිදුකිරීමට නියමිත බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දියානු ආර්ථික පුනරුදයේ නිර්මාතෘ ලෙස සැලකෙන එරට හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, අසනීප තත්ත්වයක් හේතුවෙන් නවදිල්ලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

වැඩිම කාලයක් ඉන්දීය අගමැති ධුරය දැරූ නායකයෙක් වන ඔහු මියයන විට 92 හැවිරිදි වියේ පසුවිය.

Trending

Exit mobile version