විදෙස්

මුදල් විශුද්ධිකරණ වැරදි පිළිගත් Binance ලොක්කා, අස්වෙයි

Published

on

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා වලට වරද පිළිගෙන ඇති Binance ප්‍රධාන විධායක – චංපෙන්ග් ජාඕ, සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

X ගිණුමේ සටහනක් එක්කරමින් ඔහු පවසා ඇත්තේ තමා වැරදි කළ බවත් එහි වගකීම භාරගත යුතු බවත්ය. එය තමා, Binance සමාගම හා ප්‍රජාව වෙනුවෙන් සිදුකළ හැකි සුදුසුම දේ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර, ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ ලොව විශාලතම ක්‍රිප්ටෝ-හුවමාරුව ලෙස සැලකෙන Binance සමාගම, දඩ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3ක් ගෙවිය යුතු බවයි.

ලොව පුරා සම්බාධක මග හැරීමට මෙම සමාගම සිය පරිශීලකයින්ට සහය වී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

කේමන් දූපත් වල ලියාපදිංචිත සමාගමක් වන Binance, ක්‍රිප්ටෝ මුදල් සහ අනෙකුත් ඩිජිටල් වත්කම් මිලදී ගැනීම හා විකිණීම සඳහා ලොව පවතින විශාලතම වේදිකාව ලෙස සැලකේ.

Trending

Exit mobile version