විදෙස්

මෙටා වෙතින්  ජනපති ට්‍රම්ප්ට ඩො.මි. 25ක වන්දියක්

Published

on

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වන්දි ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 25ක මුදලක් ලබා දීමට මෙටා සමාගම එකඟත්වය පළකර තිබෙන බව වාර්තා වේ.

2021 වසරේ ජනවාරි 06වන දින ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල ඉලක්ක කර ගනිමින් කැරළිකරුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස් බුක් ඇතුළු මෙටා සමාගමට අයත් ගිණුම් අක්‍රිය කිරීමට එම සමාගම පියවර ගත් බව වාර්තා වූ අතර, ඊට විරුද්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු පැවරීමට කටයුතු කළේය.

එම වන්දි මුදලින් ඩොලර් මිලියන 22ක ප්‍රමාණයක් ට්‍රම්ප් පිහිටුවීමට නියමිත ජනාධිපති පුස්තකාලයට ප්‍රදානය කෙරෙන අතර ඉතිරි මුදල නඩු වියදම් ලෙස ලබාදීමට නියමිත බව සඳහන්ය.

Trending

Exit mobile version