විදෙස්

මෝදි ගැන BBC වැඩසටහන ඉන්දියාවේ බ්ලොක් වෙයි

Published

on

වසර 2002දී සිදුවූ ගුජරාට් කෝලාහල අතරදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්න කරන ලද බීබීසී වාර්තාමය වැඩසටහනක් ඉන්දියාව තුළ විකාශනය කිරීම අවහිර කර තිබේ.

ඉන්දීය බලධාරීන් පවසා ඇත්තේ එම වැඩසටහනේ කෙටි වීඩියෝ ද සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීම වළක්වා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ උපදේශකයෙකු වන කාංචන් ගුප්තා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ රටේ තොරතුරු තාක්ෂණ නීති යටතේ රජයට ලබා ගත හැකි හදිසි බලතල භාවිතා කරමින් කෙටි වීඩියෝ බෙදාහැරීම වළැක්වීමට උපදෙස් නිකුත් කර ඇති බවයි.

මෙම වාර්තාමය වැඩසටහනේ වීඩියෝවට සම්බන්ධ ට්විටර් පණිවිඩ 50කට අධික ප්‍රමාණයක් අවහිර කරන ලෙස ඉන්දීය රජය විසින් ට්විටර් සමාගමට නියෝග නිකුත් කර ඇති බවත්, එම වීඩියෝවේ ඕනෑම උඩුගත කිරීමක් අවහිර කරන ලෙස යූ ටියුබ් වෙතද උපදෙස් දී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

වසර 2002දී ගුජරාට් කෝලාහල සිදුවන විට බටහිර ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මෝදි මහතා ය. මෙම කෝලාහල වලින් පුද්ගලයන් 1,000කට අධික පිරිසක් මියගොස් තිබුණු බව ඉන්දීය රජය පැවසූ නමුත්, මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇස්තමේන්තු කර තිබුණේ මියගිය ගණන අවම වශයෙන් ප්‍රකාශිත මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයක් පමණ වන බවයි.

Trending

Exit mobile version