Connect with us

විදෙස්

යුක්‍රේනය මුල්වරට දෙසැම්බර් 25දා නත්තල සමරයි

Published

on

යුක්‍රේනයේ ඕතඩොක්ස් කිතුනුවක් රැසක් සිය ජීවිතයේ පළමුවරට දෙසැම්බර් 25 දින නත්තල සමරයි.

මේ දක්වා යුක්‍රේනයද, රුසියාව මෙන් නත්තල සැමරුවේ ජනවාරි 07දාටය. ඒ, සාම්ප්‍රදායිකව ජුලියන් දින දර්ශනය අනුවයි.

කෙසේවෙතත්, රුසියානු සාම්ප්‍රදායෙන් තවදුරටත් ඈත් වෙමින් යුක්‍රේනය මේ වසරේ නත්තල සමරන්නේ බටහිර හෝ ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුවයි.

මීට අදාල නීතිය එරට ජනපති වොලොඩිමීර් සෙලන්ස්කි විසින් පසුගිය ජූලි මාසයේදී වෙනස් කරනු ලැබුණි.

සිය නත්තල් පණිවිඩය මගින් සෙලන්ස්කි මහතා පවසා ඇත්තේ සියලු යුක්‍රේනුවන් එක්ව, එකම දිනයේදී එක් පවුලක් සේ, එක් ජාතිකයක් සේ එක් රටක් සේ නත්තල සමරන බවයි.

විදෙස්

පය පැකිළුන ට්‍රම්ප් (වීඩියෝ)

Published

on

By

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (08) නිව් ජර්සි හි මොරිස්ටවුන් නාගරික ගුවන්තොටුපොළෙන් පිටත්ව යාම සඳහා එයාර් ෆෝස් වන් ගුවන් යානයට ගොඩවීමට යානයේ පඩිපෙළ නගිමින් සිටියදී ඒ මත පය ලිස්සා ඇදවැටීමට යන ආකාරය පටිගත වූ වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර ගොස් ඇත.

එම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වෙමින් පවතී.

Continue Reading

පුවත්

ට්‍රම්ප් චීනයේ සංචාරයකට

Published

on

By

චීන ජනපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරයකට සූදානම් වන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ෂී ජින්පින් සමග පැවති දුරකථන සංවාදයකින් අනතුරුව ට්‍රම්ප් ඒ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මෙම දුරකථන සංවාදය “ඉතා හොඳ සාකච්ඡාවක්“ ලෙස ධවල මන්දිරය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබුණි.

දෙරට අතර තීරුබදු ගැටලුව හමුවේ පසුගිය පෙබරවාරි මාසයේදී නායකයින් දෙදෙනා සාකච්ඡා කිරීමෙන් පසු දුරකථන සංවාදයක් සිදුවූ පළමු අවස්ථාව මෙයයි.

ධවල මන්දිරයේ ඉල්ලීමකට අනුව අදාළ දුරකථන ඇමතුම සිදු වූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇති අතර පැය එකහමාරක පමණ කාලයක් සංවාදය පැවති අතර එහිදී ප්‍රධාන වශයෙන් වෙළඳාම කෙරෙහි අවධානය යොමු කර ඇත.

ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ද ෂී ජින් පින්ට අමෙරිකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ බවයි.

කෙසේ නමුත් විදෙස් විචාරකයන් පවසන්නේ අමෙරිකාව හා චීනය අතර වෙළෙඳ ගැටුම් පවතින පසුබිමක මෙම සාකච්ඡා සිදුවීමත් විශේෂත්වයක් බවයි.

Continue Reading

විදෙස්

මෝටර් රථ 3000ක් සමග නැවක් ගිනිගනී

Published

on

By

ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞව්කාවක් ගිනිගැනීමට ලක්ව තිබේ.

මෙම නෞව්කාව මගින් මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ (Electric Vehicles) 800ක්  ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.

නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්ය මණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය කිරීමට නොහැකි වී තිබේ.

ඒ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22දෙදෙනෙකු නෞකාව අතහැර ජීවිත ආරක්ෂක බෝට්ටුමගින් ඉන් ඉවත් වී තිබේ.

එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ව උතුරු පැසිෆික් සාගරයේ ගමන්ගත් වෙළඳ නෞකාවක් විසින් බේරාගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved