යුරෝපා සංගමයේ භාණ්ඩ සඳහා ද ඉතා ඉක්මනින් තීරු බදු ක්‍රියාත්මක කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මෙක්සිකෝවට සහ කැනඩාවට සියයට 25ක තීරු බදු පැනවීමෙන් සහ චීනයට සියයට 10ක තීරු බදු පැනවීමෙන් දිනකට පසු ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස රටවල් කිහිපයක් සමඟ පවතින වෙළෙඳ යුද්ධය එක්සත් ජනපද ආර්ථිකයට වේදනාකාරී බව ට්‍රම්ප් පවසයි.
එක්සත් ජනපද අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගත බවත්, චීනය මෙක්සිකෝව සහ කැනඩාව මත පැනවූ තීරුබදු දීර්ඝ කාලීනව නොපවතින බව ද ඔහු සඳහන් කර සිටියේය.
ඊයේ (02) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 25%ක බද්දක් ඇමරිකාව විසින් පනවනු ලැබූ අතර, චීන භාණ්ඩ සඳහා පැනවූ 10% ක අතිරේක බද්ද හෙට (04) දිනයේ සිට සිට බලාත්මක බවය.
මේ අතර ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයට තීරු බදු අනතුරු ඇඟවීම සිදුකරන්නේ ලොව ධනවත්ම පුද්ගලයා වන එලොන් මස්ක් යුරෝපීය දේශපාලනයට පිවිසීමේ ප්‍රවණතාව මධ්‍යයේවීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, ඊයේ යුරෝපා සංගමය පැවසුවේ අසාධාරණ ලෙස හෝ අත්තනෝමතික ලෙස යුරෝපා සංගම් භාණ්ඩ සඳහා තීරුබදු පනවන ඕනෑම වෙළඳ හවුල්කරුවෙකුට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවය.