Connect with us

විදෙස්

‘රුසියානු ඔත්තුකාර’ තල්මසාගේ දේහය නෝර්වේ වෙරළට

Published

on

රුසියාව විසින් ඔත්තුකරුවෙකු ලෙස පුහුණු කළ බවට කටකතා පැතිරුණ ‘බෙලූගා තල්මසෙකු’ (beluga whale) නෝර්වේ වෙරළට ඔබ්බෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

මෙම ප්‍රසිද්ධ තල්මසා හඳුන්වනු ලැබුවේ ‘Hvaldimir’ යන නමිනි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය හ්වාල්ඩිමීර්ගේ සිරුර නිරිතදිග රිසාවිකා හි පාවෙමින් තිබියදී සොයාගත් අතර පරීක්ෂණ සඳහා ළඟම ඇති වරායට ගෙන යන ලද බවයි.

මෙම තල්මසා ප්‍රථම වරට නෝර්වීජියානු මුහුදේ දී දැක ඇත්තේ මීට වසර පහකට පෙර (2019 අප්‍රේල් මාසයේදී) ය. ඒ, සවිකරන ලද GoPro කැමරාවක් සමඟ බව සඳහන්ය.

එලෙස හ්වාල්ඩිමීර් නෝර්වීජියානු බෝට්ටු වෙත ළඟාවී තිබුණේ රුසියාවේ උතුරු බලඇණිය පිහිටා ඇති මර්මන්ස්ක් සිට කිලෝමීටර් 415 ක් පමණ දුරින් ඉන්ගෝයා දූපත අසල සිට බව සඳහන් වේ.

ඒ අනුවයි හ්වාල්ඩිමීර් ඔත්තු තල්මසෙකු විය හැකි බවට කටකතා පැතිර යාම සිදුවිය.

හ්වාල්ඩිමීර්ගේ දර්ශනය එවකට වඩාත් අවධානයට ලක්වූයේ ඉහළ ආක්ටික් ප්‍රදේශයට දකුණින් බෙලූගස් වර්ගයේ තල්මසුන් කලාතුරකින් දක්නට ලැබෙන බැවින් බව සඳහන්ය.

පසුව මෙම සොයාගැනීම නෝර්වේහි අභ්‍යන්තර බුද්ධි ඒජන්සිය විසින් කරන ලද පරීක්ෂණයකට ද තුඩු දුන් අතර පසුව ප්‍රකාශ කළේ තල්මසා මිනිසුන්ට හුරුපුරුදු බව පෙනෙන පරිදි රුසියානු හමුදාව විසින් පුහුණු කර ඇති බවයි.

කෙසේ නමුත් එම චෝදනාවන්ට මොස්කව් වෙතින් කිසිදු පිළිතුරක් නොලැබීම ද විශේෂය.

අනතුරුව තල්මසා එරට තුළ ප්‍රසිද්ධියට පත් වූයේ ‘Hvaldimir’ ලෙසිනි. ඒ තල්මසා සඳහා නෝර්වීජියානු වචනයක් වන “hval” සහ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන වචනයේ එකතුවකිනි.

හ්වාල්ඩිමීර්ගේ අප්‍රාණික දේහය සති අන්තයේදී සොයාගෙන තිබුණේ Marine Mind නම් සංවිධානය විසිනි. එම සංවිධානය විසින් වසර ගණනාවක් තිස්සේ තල්මසාගේ චලනයන් නිරීක්ෂණය කරැති බව සඳහන්ය.

Marine Mind නිර්මාතෘ Sebastian Strand AFP ප්‍රවෘත්ති සේවය හමුවේ පවසා තිබුණේ, මරණයට හේතුව නොදන්නා බවත් හ්වාල්ඩිමීර්ගේ සිරුරේ පැහැදිලි තුවාල දක්නට නොමැති බවත්ය.

වාර්තාවන්ගේ සඳහන් වන ආකාරයට තල්මසාගේ වයස අවුරුදු 15 ක් පමණ වන අතර, හ්වාල්ඩිමීර් බෙලූගා තල්මසෙකු වන හෙයින් ඔවුන්ගේ අවම ආයූ කාලය අවුරුදු 60 දක්වා විය හැකිය.

නමුදු වහල්භාවයේ දී ඔවුන් බොහෝ විට වයස අවුරුදු 30 ට පෙර මිය යන බව සඳහන්ය.

විදෙස්

බ්‍රිතාන්‍ය රජයෙන් දැඩි තීරණයක්

Published

on

By

බ්‍රිතාන්‍ය රජය සංක්‍රමණිකයන් සඳහා වීසා ප්‍රතිපත්ති දැඩි කිරීමට තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රැකියා වීසා යටතේ බ්‍රිතාන්‍යයට පැමිණෙන පිරිස සීමා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

නව ප්‍රතිපත්ති ඇතුළත් “ඉමිග්‍රේෂන් වයිට් පේපර්” නම් ලේඛනය අද (12) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පුහුණු ශ්‍රමිකයින්ට වීසා ලබාදීමේදී ඔවුන්ගේ උසස් අධ්‍යාපන සුදුසුකම්වලට වැඩි අවධානය යොමු කර ඇති අතර, නුපුහුණු ශ්‍රමිකයින් එරටට ගෙන්වීම සීමා කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත.

එසේම, නුපුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී යම් කාලසීමාවකට යටත්ව බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

විදෙස් ශ්‍රමිකයින් යොදවා ගන්නා කර්මාන්ත හඳුනාගෙන, එම කර්මාන්තවලට පමණක් ඔවුන් අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ද නියමිතය.

Continue Reading

පුවත්

ඉන්දියාව – පාකිස්තානය සටන් විරාමයකට එකඟ වෙයි

Published

on

By

ඉන්දියාව සහ පාකිස්තානය වහාම පූර්ණ සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කර තිබේ.

‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

මෙම සටන් විරාමට ඉන්දීය වේලාවෙන් අද ප.ව. 5.00ට ඇරඹුනු බව එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් – වික්‍රම් මිස්රි මහතා පවසා ඇත.මේ අතර, ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් මහතා හා පකිස්තානු නියෝජ්‍ය අගමැති – ඉෂාක් ඩර් මහතා ද මේ බව තහවුරු කරමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

සතියකට පසු IPL යළිත්? (Update)

Published

on

By

හදිසියේ අත්හිටුවනු ලැබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය එලෙස අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) පවසයි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින යුද අවදානම හේතුවෙන් මෙම තරගාවලිය අත්හිටුවීමට අද (9) හදිසි තීරණයක් ගෙන තිබුණි.

ඒ අනුව තරගාවලියේ නව කාලසටහන සහ ස්ථාන පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් අදාළ බලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුවන් සමග සාකච්ඡා කර තත්ත්වය පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව දැනුම්දෙන බව BCCI වැඩිදුරටත් පවසයි.

මේ අතර මේ දිනවල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියද මෙම යුද අවදානම හේතුවෙන් අතරමග නතරකර තිබේ.

තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.


(පෙර පුවත 2025 මැයි 09 ප.ව.12:57)

IPL අත්හිටුවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved