විදෙස්

රුසියාව, යුක්‍රේනයේ යුද ටැංකි 11ක් විනාශ කරයි

Published

on

යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට රුසියාව විසින් එල්ල කළ ප්‍රහාරවලින් ලිපර්ඩ් වර්ගයේ ජර්මන් යුද ටැංකි 08ක් සහ ප්‍රංශ ඒ.එම්.එක්ස් යුද ටැංකි 03ක් විනාශ වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

රුසියානු ආරක්ෂක අමාත්‍ය ඉගොර් කොනෂෙංකෝ පවසා ඇත්තේ යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ සපොර්ෂියා කලාපවලදී යුක්‍රේන හමුදා එල්ල කළ මහා පරිමාණ ප්‍රහාරයට විරුද්ධ ව රුසියාව විසින් ප්‍රතිප්‍රහාර එල්ල කළ බව ය.

පමණ ඊට පෙරදිනයේදී ද  රුසියානු ප්‍රහාරවලින් යුක්‍රේන භටයින් 250 දෙනෙකු  ඝාතනය කළ බව වාර්තා විය.

යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ඇනා මාලියා සදහන් කර ඇත්ත‌ේ, බක්මුත් නරගයේ නැගෙනහිර ප්‍රදේශයේ යුක්‍රේන ප්‍රහාර ආරම්භ කර ඇති බ‍වය.

කාලයක් තිස්සේ යුක්‍රේනය විසින් ආරම්භ කිරීමට නියමිත මහා පරිමාණ ප්‍රතිප්‍රහාරය මේ දක්වා ආරම්භ කළේ ද යන්න පිළිබඳ තහවුරු කර නොමැතිබව ද වාර්තා වේ.

Trending

Exit mobile version