අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබේ.
දින 90 ක කාලයක් සඳහා වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා අමෙරිකාව සහ චීනය ගිවිසුමකට එළඹුන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් නිවේදනය කර ඇත.
දෙපාර්ශ්වයම ඔවුන්ගේ තීරුබදු 115% කින් අඩු කිරීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධය සඳහන් කළේය.
(පෙර පුවත 2025 මැයි 12 ප.ව.12.36 )
ලෝකයටම සුභ ආරංචියක් !
අමෙරිකාව හා චීනය අතර පසුගිය 10 වනදා ආරම්භ වී තිබුණ ඉහළ මට්ටමේ වෙළෙඳ සාකච්ඡා ධනාත්මක ලෙස අවසන් වී තිබේ.
ස්විට්සර්ලන්තයේ දී මෙම සාකච්ඡා ආරම්භ කර බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.
අමෙරිකාව නියෝජනය කරමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ ප්‍රධාන වෙළෙඳ සාකච්ඡා නියෝජිත ජාමිසන් ග්‍රියර් සහභාගි වී ඇත.
එසේම චීනය නියෝජනය කරමින් එරට ප්‍රධානම ආර්ථික උපදේශකයා ලෙස සැලකෙන හී-ලයිෆෙන්ද සහභාගී වී තිබේ.
ස්විට්සර්ලන්තයේ පැවති දින දෙකක සාකච්ඡා අවසන් කිරීමෙන් පසු දෙපාර්ශ්වයම තොරතුරු නිකුත් කර නොතිබුණ බව විදෙස් මාධ්‍ය පවසා සිටියේය.
කෙසේ වෙතත් චීන උප අගමැති හේ ලයිෆෙන්ග් පවසා සිටියේ සඳුදා (12) ජිනීවාහිදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන බවය. එමෙන්ම චීන උප වාණිජ අමාත්‍ය ලී චෙංගැං පවසා ඇත්තේ “ලෝකයට ශුභාරංචියක්” එහි අඩංගු වනු ඇති බවය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් චීන නිලධාරීන් පවසා ඇත්තේ දෙපාර්ශ්වයම “වැදගත් එකඟතාවයකට” පැමිණ ඇති බවත් තවත් නව ආර්ථික සංවාද ආරම්භ කිරීමට එකඟ වූ බවත්ය.
එක්සත් ජනපද වෙළෙඳ හිඟය අඩු කිරීම සඳහා “ගනුදෙනුවක්” ගැන කතා කළ බව අමෙරිකානු නිලධාරීන් පවසා ඇත.