විදෙස්

වැග්නර් නායකයා ගුවන් අනතුරකින් මරුට

Published

on

රුසියාවේ සන්නද්ධ වැග්නර් කණ්ඩායමේ නායක යෙව්ග්නි ප්‍රිගොෂින් ගුවන් අනතුරකින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසා ඇත්තේ වැග්නර් නායකයා ඇතුළු දස දෙනෙකු පෞද්ගලික ජෙට් යානයකින් ගමන් කරමින් සිටියදී එම යානය හදිසියේ කඩා වැටී ඇති බවයි.

මේ අවස්ථාවේදී ප්‍රිගොෂින් සමග ඔහුගේ අණදෙන නිලධාරි දිමිත්‍රි උට්කින් ද යානයේ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් අනතුර සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් විසින් පරීක්ෂණයක්ද අරඹා ඇත.

රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයේ දී රුසියාවට සහාය ලබාගැනීම සඳහා කුලී හේවා බලකායක් ලෙස වැග්නර් සන්නද්ධ කණ්ඩායම කටයුතු කළ අතර එහි නායකත්වය යෙව්ග්නි ප්‍රිගොෂින් විසින් දරනු ලැබීය. අනතුර සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන පැවැත්වෙයි. මීට මාස දෙකකට පෙර, රුසියන් හමුදාවටත්, රජයටත් අභියෝග කරමින්, රුසියාවේ බලය ඇල්ලීමේ කැරැල්ල මෙහෙය වූයේ ප්‍රිගෝෂින් ය. පැය 24කට සීමා වුණු එම කැරැල්ල අසාර්ථක විය.

Trending

Exit mobile version