ඉන්දියාව තුළ යළිත් කොවිඩ් රෝගීන් ගේ වර්ධනයක් සිදුවන බව වාර්තා වේ.
මේ හේතුවෙන් එරට රෝහල්වල සූදානම සොයාබැලීම සඳහා ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද හා හෙට දිනවල රටපුරා පෙරහුරු සිදුකරන බව එරට මාධ්‍ය සඳහන් කරයි.
මේ වනවිට ඉන්දියාවේ සක්‍රීය කොවිඩ් ආසාදිතයින් 35,000ක් සිටින අතර, ඊයේ දිනය තුළදී ආසාදිතයින් 6,000ක් හඳුනාගෙන තිබේ.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ලෙස සැලකෙන XBB.1.16 මගින් මෙම ව්‍යාප්තිය සිදුවී ඇති බව එරට බලධාරීන් පවසයි.
2021 වසරේදී ඉන්දියාව තුළ කොවිඩ් වේගයෙන් පැතිර ගිය අතර බොහෝ ප්‍රදේශවල ඔක්සිජන් හිඟ වීම හේතුවෙන් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් මියගියේය.