Connect with us

විදෙස්

සිරියානු කාන්තාවන්ට නියෝගයක්

Published

on

සිරියානු කාන්තාවන්ට පොදු වෙරළ තීරයන්හි බුර්කාව පැළදීම එරට රජය විසින් අනිවාර්ය කර ඇත.

එරට ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මගින් නිකුත් කර ඇති මෙම නියෝගයේ දැක්වෙන්නේ ‍මහජන ආරක්ෂක ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම සහ විනීතභාවය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම පියවරට එළඹුණු බවය.

කෙසේවෙතත් පෞද්ගලික වෙරළ තීරයන්ල සමාජ ශාලා සහ තරු පංතියේ හෝටල් සඳහා මෙම නියෝගය බල නොපැවැත්වෙන බව ද එරට මාධ්‍ය වාර්තා කර සිටී,

විදෙස්

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර (UPDATE)

Published

on

By

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා තිබේ.

ඊශ්‍රායල හමුදාව නිවේදනය කර සිටියේ, ඉරානය ඊශ්‍රායල භූමිය දෙසට ඩ්‍රෝන යානා 100කට වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති බවයි.

මෙය ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදුකළ මෙහෙයුමට එරෙහිව ඉරානය සෘජු ප්‍රතිචාර දැක් වූ පළමු අවස්ථාව බවද ඔවුන් පවසයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පවසා සිටියේ, රට පුරා ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කර ඇති බැවින් ඕනෑම තර්ජනයකට මුහුණදීමට තමන්ට හැකි බවය.


(පෙර පුවත 2025 ජූනි 12 පෙ.ව.8.22 )

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් (වීඩියෝ )

ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

ඔවුන් මෙම ප්‍රහාර නම් කර ඇත්තේ ‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙසය.

ඉරානයේ ටෙහෙරාන් ඇතුළු කලාප කිහිපයකින් පිපිරීම් වාර්තා වී ඇතැයි එරට මාධ්‍ය විසින් ද තහවුරු කර තිබේ.

ඉරානය ඊට නිසැකව ප්‍රතිචාර දක්වනු ඇති බැවින් රටටම හදිසි තත්ත්වයක් නම්කර පාසල් ඇතුළු සියලු සේවා අත්හිටුවා ඒකරාශීවීම්ද තහනම් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් අමෙරිකාව පවසා ඇත්තේ, තමන් කිසිලෙසක මෙම ප්‍රහාරයට ආධාර හෝ අනුබල නොදුන් බවය.

වීඩියෝ  – Associated Press

Continue Reading

විදෙස්

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද තෙල් මිල ඉහළට

Published

on

By

ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද දිනයේ එහි මිල 9%ක අගයකින් ඉහළගොස් ඇති අතර එය පසුගිය මාස 5තුළ වාර්තාවූ ඉහළම අගය බවය.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අ.ඩො 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අ.ඩො. 75.65ක අගයක් ගෙන තිබේ.

පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක් ගත් අතර ඉන් පසු වාර්තාවූ ඉහළම මිල මෙය වෙයි.

මෙම කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳාමටද දැඩි බලපෑමක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Continue Reading

විදෙස්

ඉන්දීය ගුවන් අනතුරෙන් දිවි බේරුනු එක් මගියෙක් හමුවේ

Published

on

By

සියගණනකට මරු කැඳවමින් අද (12) පස්වරුවේ සිදු වූ බිහිසුණු ගුවන් අනතුරෙන් දිවිගලවාගත් එක් මගියෙකු හමුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අහ්මෙදාබාද් පොලිස් කොමසාරිස්වරයා ANI පුවත් ඒජන්සියට පවසා ඇත්තේ යානයේ 11A ආසනයේ සිටි මගියා තුවාල ලබා සිටියදී මෙසේ පොලිසියට හමුවී ඇති බවයි.

ඉන්දීය ජාතිකයන් 163 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙකු, පෘතුගාල ජාතියන් 07දෙනෙකු හා එක් කැනේඩියානු ජාතිකයකු රැගත් මෙම යානය ලන්ඩනය බලා පිටත් වී සුළු මෙහොතකින් මෙසේ අනතුරකට පත්විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved