ඉන්දියානු දෙමළ සිනමාවේ සුපිරි නළු විජෙයිගේ නායකත්වයෙන් පිහිටුවා ඇති ‘තමිලඟ වෙට්ට්‍රි කළගම්’හි ධජය අද (22) එළිදක්වා තිබේ.
ඒ, තමිල්නඩුවේ පනෛයූර්හි පිහිටා ඇති පක්ෂ කාර්යාලයේ දීයි.
රතු සහ කහ පැවැති ධජය මැද යුද හස්තීන් දෙදෙනකු සහ පුෂ්පයක් (මාර) නිරූපණය වේ.
මෙම උත්සවයේ දී ප්‍රචාරක ගීතයක් ද එළිදක්වා ඇති බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එහි දී පක්ෂයේ සාමාජිකයන් විසින් ප්‍රතිඥාවක් ද ලබා දී තිබුණි.