විදෙස්

හවායි ලැව්ගිනි: මියගිය හා අතුරුදහන් වූ ගණන ඉහළට

Published

on

හවායි හි ලැව්ගිනි හේතුවෙන් මාවුයි දූපතේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 1,000ක් පමණ අතුරුදහන් වී ඇතැයි ගණන් බලා තිබේ.

හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් මහතා පවසන්නේ මෙම ලැව්ගිනි යනු “හවායි ප්‍රාන්ත ඉතිහාසයේ විශාලතම ස්වභාවික ව්‍යසනය” වන බවත්ය.

තවද, ඓතිහාසික මුහුදුබඩ නගරයක් වන ලහයිනා හි 80% ක් විනාශ වී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

පැතිරුනු ගිනිදැල් හමුවේ ලහයිනා හි සිටි සංචාරකයින්ට මුහුදට පැන පැය ගණනක් ජලයේ ඇවිදීමට සිදුවූ බවද වාර්තා වේ.

මේ වන විට සංචාරකයන් දස දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති අතර, මාවුයි දූපතේ බටහිර ප්‍රදේශයේ පුද්ගලයින් 11,000කට විදුලිය නොමැති බව වාර්තා වේ.

ඩෝරා සුළි කුණාටුවෙන් පසුව අඟහරුවාදා සිට ඇරඹුනු මෙම ලැව්ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයන් තවමත් අරගල කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Trending

Exit mobile version