විදෙස්

හිටපු අගමැතිගේ සිරදඬුවම වසරකට සීමා වෙයි

Published

on

තායිලන්තයේ රජු විසින් එරට හිටපු අග්‍රාමාත්‍ය තක්සින් ෂිනවත් ට එරෙහිව පනවා තිබූ වසර 08ක සිර දඬුවම වසරක් දක්වා අඩුකර තිබේ.

වසර 15ක් පුරාවට සිය රටෙන් පිටව සිටි තක්සින්, පසුගිය මාසයේදී සිය රටට යළිත් යාමෙන් අනතුරුව වහාම සිරගත කරනු ලැබුණි.

නමුත් ඔහු මේ වනවිට රජයේ රෝහලක සුපිරි වාට්ටුවක සිටින අතර ඔහුව රෝහල්ගත කර තිබුණේ හෘදයාබාධ තත්ත්වයක් ඇතිවූ බව පවසමිනි.

එවකට තායිලන්ත අගමැතිවරයා ලෙස කටයුතු කළ තක්සින් ව හමුදා නායකයින් විසින් 2006 වසරේදී බලයෙන් පහකෙරිණි.

අනතුරුව ඔහුට එරෙහිව දුෂණ සහ වංචා චෝදනා එල්ලකළ අතර හිටපු අගමැතිවරයා පැවසුවේ එම චෝදනා දේශපාලනමය කරුණු මත එල්ලකර ඇති බවය.

Trending

Exit mobile version