විදෙස්

හෙන්රි කිසින්ජර් මියයයි

Published

on

ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු හා එරට ඉතිහාසයේ ප්‍රබලතම රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස සැලකෙන හෙන්රි කිසින්ජර් මියගොස් ඇති බව වාර්තා වේ.

මිය යන විට ඔහුට වයස අවුරුදු 100ක් විය.

කිසිංගර් විසින් ආරම්භ කරන ලද දේශපාලන උපදේශන සමාගමක් වන Kissinger Associates සමාගම විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා ඇත්තේ ඔහු කනෙක්ටිකට් හි පිහිටි සිය නිවසේ දී අවසන් හුස්ම හෙලූ බවයි.

කෙසේ වෙතත් මරණයට හේතුව එහි සඳහන් කර නැත.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන නික්සන් හා ෆෝඩ් හට ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකයෙකු ලෙසද කටයුතු කළ ඔහු, චීනය හා රුසියාව සමග ඇමෙරිකාවේ සබඳතා වර්ධනය කිරීමෙහි ලා ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය.

නොබෙල් සාම ත්‍යාගලාභියෙකු වුවත්, යුද අපරාධකරුවෙකු යැයි ඔහුට විවිධ චෝදනා එල්ල වී තිබුණි.

Trending

Exit mobile version