විදෙස්

මෝල්ටාවේ මාධ්‍යවේදිනිය ඝාතනය කළ දෙසායුරන්, 40 වසරකට සිපිරිගෙයට

Published

on

වසර 2017දී මෝල්ටාවේ මාධ්‍යවේදිනියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොහොයුරන් දෙදෙනෙකු හට 40 වසරක සිරදඬුවමක් නියම වී තිබේ.

වරද පිළිනොගෙන පැය කිහිපයකට අනතුරුව මෙම ඝාතනය සිදු කළ බවට ජෝර්ජ් හා ඇල්ෆ්‍රඩ් ඩිජෝජියෝ නම් මෙම දෙසොයුරන් පිළිගෙන ඇත.
වසර 2017දී මෙසේ ඝාතනය වූයේ මෝල්ටා ආණ්ඩුවේ දූෂණ විවේචනයට ලක් කළ මුල්පෙළේ ‘බ්ලොග්’ මාධ්‍යවේදිනියක් (blogger) වූ ඩැෆ්නි ගලිෂියා (Daphne Caruana Galizia) ය.

ඇගේ මෝටර් රථයට බෝම්බයක් සවිකිරීමෙන් ඇයව ඝාතනය කර තිබුණි.

මොස්ටා (Mosta) නගරය අසල වාසය කළ එම මාධ්‍යවේදිනිය සිය නිවසේ සිට ඇයගේ මෝටර් රථයෙන් මඳ දුරක් ගමන් ගනිමින් සිටියදී එය පුපුරා ගොස් ඇති බව වාර්තා විය.

මෝල්ටාවේ එවකට සිටි අගමැතිවරයා වන ජෝසප් මස්කට් සහ ඔහුගේ බිරිඳ විවේචනයට ලක් කළ ගලිෂියා, චෝදනා කර තිබුණේ ඔවුන් පැනමා ලිපිගොනු අපචාරයට හවුල් වී ඇති බවයි.

පසුගිය වසරේදී මෙම ඝාතනයට කාර් බෝම්බය සැපයූ බවට පුද්ගලයන් දෙදෙනෙකු චූදිතයන් බවට පත්වූ අතර, එම ඝාතනයට හවුල් වූ බවට පිළිගත් වින්සන්ට් මස්කට් නම් තවත් පුද්ගලයෙකු හට වසර 15ක සිරදඬුවමක් නියම විය.

නඩු තීන්දුව සම්බන්ධයෙන් ගලිෂියා ගේ පවුලේ සාමාජිකයන් සිය සතුට පළ කර තිබුණු අතර, මෝල්ටාවේ වත්මන් අගමැති රොබට් අබේලා ද පවසා තිබුණේ මෙය ගලිෂියා පවුලට හිමිවිය යුතු යුක්තිය දක්වා තවත් වැදගත් පියවරක් බවයි.

ගලිෂියා මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රසිද්ධ පරීක්ෂණයකින් අනතුරුව හෙළිවූයේ ඇයගේ මරණයට එරට රජයද වගකිව යුතු බවයි. එම මාධ්‍යවේදිනියේ ජීවිතයට ඇති අවදානම හඳුනාගෙන එය වළක්වා ගැනීමට සාධාරණ පියවර ගැනීමට රජය අපොහොසත් වී ඇති බව එම පරීක්ෂණ වාර්තාවේ සඳහන් විය.

Trending

Exit mobile version