විදෙස්

යුක්රේනයේ කීව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්

Published

on

ඉරානයේ නිෂ්පාදිත “kamikaze” ඩ්‍රෝන මගින් අද (17) උදෑසන යුක්‍රේනයේ කීව් අගනුවරට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

කීව් Vitali Klitschko පවසන්නේ ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකුට වැඩි ප්‍රමාණයක් මියගොස් ඇති බවයි.

මේ අතර, මීට පැය කිහිපයකට පෙර ඊයේ රාත්‍රියේදී මයිකොලායිව් වරාය නගරයේ පිහිටි සූරියකාන්ත තෙල් ටැංකිවලටද එවැනිම ඩ්‍රෝන යානා 3ක් මගින් ගිනි තබා ඇති බව එරට බලධාරීන් පවසයි.

යුක්රේන ගුවන් හමුදා නිලධාරියෙකු පවසා ඇත්තේ , ඩ්‍රෝන යානා සියල්ලම දකුණු දෙසින් රට තුළට පියාසර කර ඇති බවයි.

පුපුරණ ද්‍රව්‍ය අසුරා ඇති “Kamikaze” ඩ්‍රෝන යානා, ඉලක්කය හා ගැටී පිපිරී විනාශ වෙයි. ප්‍රහාරයට පෙර එම ඩ්‍රෝන ඉලක්කයකට ඉහළින් සැරිසරයි. බොහෝ විට රැල්ලක් ලෙස යවන මෙම ඩ්‍රෝන, රේඩාර් ඔස්සේ හඳුනාගැනීමටද අපහසු වේ.

Trending

Exit mobile version