විදෙස්

G7 සමුළුව ඇරඹේ

Published

on

මෙවර ඉතාලියේ පැවැත්වෙන G7 සමුළුවට සහභාගී වීම සඳහා ලොව ධනවත්ම රටවල් හතේ නායකයින් ඉතාලියේ Puglia වෙත පැමිණ ඇත.

විදෙස් වාර්තා පවසන්නේ, ඉතාලි අගමැතිනී Giorgia Meloni ඔවුන්ව ඉතා උණුසුම් අන්දමින් පිළිගෙන , සාම්ප්‍රදායිකව ලබා ගන්නා කණ්ඩායම් ඡායාරූපයට පෙනී සිට ඇති බවයි .

කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල නියෝජිතයන් G7 සමුළුව ට සහභාගී වන අතර, මෙවර න්‍යාය පත්‍රයට අනුව යුක්‍රේනයේ සහ ගාසා තීරයේ යුද්ධ ඇතුළු ගැටළු සාකච්ඡා කරනු ඇති බව සඳහන්ය.

G7 සමුළුවට අප්‍රිකාවේ සහ ඉන්දු-පැසිෆික් කලාපයේ නායකයින් ද සම්බන්ධ වන අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා පැවැත්වෙනු ඇත.

මේ අතර මෙවර සමුළුවට ප්‍රධාන ආධිතයා ලෙස අති උතුම් ෆ්‍රන්සිස් පාප් වහන්සේද සහභාගී වීමට නියමිතය.

Trending

Exit mobile version