විදෙස්

HIV ප්‍රතිකාර වලට නව බලාපොරොත්තුවක්

Published

on

HIV ආසාදිත සෛල වලින් එම වෛරසය සාර්ථකව ඉවත් කිරීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් වන මොවුන් මේ සඳහා නොබෙල් ත්‍යාගයෙන් සම්මාන ලැබූ Crispr නම් ජාන-සංස්කරණ තාක්ෂණය යොදාගෙන තිබේ.

මෙම තාක්ෂණය යොදාගෙන, අණුක මට්ටමින් ආසාදිත සෛල වල අහිතකර කොටස් කතුරකින් මෙන් කපා ඉවත් කිරීමට ඔවුන් ක්‍රියා කර ඇත.

මෙම පර්යේෂණ වල අවසන් බලාපොරොත්තුව වන්නේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම HIV වෛරසය ඉවත් කිරීමට හැකිවීමයි.

කෙසේවෙතත්, මෙය සම්පූර්ණයෙන්ම ඵලදායී හා ආරක්ෂිත දැයි තීරණය කිරීමට වැඩිදුර පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිදුකිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

මේ වන විට සිදුකරන HIV ප්‍රතිකාර වලින් වෛරසය නැවැත්වීමට සමත්වුවත්, එය සම්පූර්ණයෙන්ම ශරීරයෙන් ඉවත් කිරීමට සමත් වී නැත.

Trending

Exit mobile version