Connect with us

විදෙස්

ISIS සංවිධානය නව නායකයෙකු පත් කරයි

Published

on

සිය පස්වැනි නායකයා වූ අබු හුසේන් අල් හුසේනි අල් කුරේෂි මියගොස් ඇති බවට සනාථ කරන ISIS ත්‍රස්ත සංවිධානය, සිය නව නායකයා ලෙස අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි නම් කර ඇත.

ISIS ත්‍රස්ත සංවිධානය පවසා ඇත්තේ සිය හිටපු නායකයා වයඹදිග සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ පැවති ගැටුම් වලින් මියගොස් ඇති බවයි.

තුර්කියේ ජනපතිවරයා පසුගිය අප්‍රේල් මාසයේදී පවසා තිබුණේ ISIS නායකයා තුර්කි බුද්ධි අංශ අතින් ඝාතනය වූ බවයි.

විදෙස්

ඉන්දියාවේ වෛද්‍යවරිය ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

Published

on

By

ඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරිමේ සිද්ධියට වරදකරු වූ සංජය රෝයි නැමැත්තාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී කොල්කටා රෝහලේ පුහුණු වන වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරු වරදකරු බව අධිකරණය පසුගියදා තීරණය කර බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊට අදාළ දඬුවම මෙලෙස නිවේදනය කර ඇත.

පසුගිය අගෝස්තු මාසයේ සිට සිද්ධියට විරෝධය පළ කරමින් ඉන්දියාව පුරා විරෝධතා පැවැත්වුණු අතර එය මහත් ආන්දෝලනයට තුඩු දුන්නකි.

කෙසේ වුවද අදාළ රෝහලේ ස්වෙච්ඡා සේවකයෙකු ලෙස කටයුතු කළ සංජය රෝයි නමැත්තා සිද්ධියට තමා වරදකරු නොවන බව අධිකරණය ඉදිරියේ පවසා තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading

විදෙස්

ට්‍රම්ප් ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්කරගනියි

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බව ජනාධිපතිවරයා එම නියෝගය මඟින් පෙන්වා දී ඇති බවය.

ඒ අනුව එක්සත් ජනපදය මාස 12කින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට නියමිතය.

එමෙන්ම එහි කටයුතු සඳහා වන ඇමරිකාවේ සියලුම මූල්‍ය දායකත්වයන්ද නවතා දැමෙනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම මූල්‍ය ආධාරකරුවා වන එක්සත් ජනපදය එහි සමස්ත අරමුදල්වලින් 18%ක් දරන බව වාර්තා වේ.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ දිවුරුම්දීම අද

Published

on

By

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම අද සිදු කෙරේ. පසුගිය වසරේ නොවැම්බරයේ පැවති ඇමෙරිකානු ජනපතිවරණයෙන් ඡන්ද විද්‍යාල 312ක බලය හිමිකර ගනිමින් ඔහු ජනපතිවරයා ලෙස තේරී පත්විය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග ඇමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස ඔහු ඉතිහාසගත විය. 1946 ජූනි 14දා උපත ලැබූ ඔහු, මේ වන විට 78 වන වියේ පසුවෙයි. දෙවන ධුර කාලය අවසන් වන විට ඔහුගේ වයස අවුරුදු 83ක් වනු ඇත. හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් 2020 වසරේ ධුරයට පත් වන විට 77 වැනි වියේ පසු විය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවය පවතින ශීත අධික කාලගුණික තත්ත්වය හේතුවෙන් එක්සත් ජනපද කැපිටල් හි ගෘහස්ථව සිදුකිරීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා තමා උපදෙස් ලබා දුන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කර තිබිණි. එරට කාලගුණ ඒජන්සිය විසින් උෂ්ණත්වය දරුණු ලෙස අඩුවිය හැකි බවට කරන ලද පූර්ව අනතුරු ඇඟවීමකට අනුව ට්‍රම්ප් මේ බව සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් වැඩිදුරටත් කියා තිබුණේ කිසිම ආකාරයකින් මිනිසුන්ට රිදවීම හෝ තුවාල වීම දැකීමට තමාට අවශ්‍ය නොමැති බවයි. මීට පෙර 1985 දී රොනල්ඩ් රේගන් භාවිත කළ පරිදි මේ කටයුතු ගෘහස්ථව සිදු කෙරෙනු ඇත.

එරට වේලාවෙන් දහවල් 12.00 ට ඇමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබට් මහතා ඉදිරියේ මෙම දිව්රුම් දීම සිදු කෙරේ. දිව්රුම් දීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතය. ඉන් පසුව ජනාධිපති ට්‍රම්ප් මහතා නිල වශයෙන් ලේඛනයකට අත්සන් තබයි.

ජනාධිපතිවරයා දිවුරුම් දුන් පසුව ඇමෙරිකානු උප ජනාධිපතිවරයා ලෙස ජේ.ඩී. වාන්ස් මහතා ද දිව්රුම් දෙයි. වාන්ස් මහතා ඇමෙරිකාවේ 50 වැනි උප ජනාධිපතිවරයාය.

2015 වසරේදී ට්‍රම්ප් සිය දේශපාලන දිවිය ආරම්භ කළේ ට්‍රම්ප් කුලුනෙහි පැවති මාධ්‍ය හමුවකදී ධවල මන්දිරයට තරග කරන බව නිවේදනය කරමිනි. ඔහුගේ ආදර්ශ පාඨය වූයේ ‘ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම’ය.

මතභේදාත්මක අසීරු මැතිවරණ ව්‍යාපාරයකින් පසු ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් පරාජය කරමින් ට්‍රම්ප් 2017 වසරේදී ඇමෙරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. මේ අතර නව ජනපතිට එරෙහිව පසුගිය දිනවල වොෂින්ටන් නගරයේ උද්ඝෝෂණ ද පැවැත්විණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved