Connect with us

විදෙස්

Skype සිය මෙහෙයුම් නවත්වයි

Published

on

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ Skype යෙදුම වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව Skype යෙදුම අයත් මයික්‍රොසොෆ්ට් සමාගම පසුගිය මාර්තු මාසයේදී සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, 2025 මැයි මාසයේ සිට Skype යෙදුම සිය මෙහෙයුම් නැවැත්වීමට තීරණය කළ බවය.

Skype යෙදුම අවසන් කිරීමත් සමඟ එම ගිණුම් හිමියන්ට එම මුරපදම භාවිතා කර Microsoft Teams Free වෙත සම්බන්ධවීමට හැකියාව ලැබෙන බවයි එම සමාගම නිවේදනය කරයි.

Skype යෙදුම 2003දී ප්‍රථම වරට නිකුත් කර තිබුණි.

විදෙස්

මොස්කව් ගුවන් තොටුපොළ වසා දැමේ

Published

on

By

ගුවන් ප්‍රහාර අවදානමක් හේතුවෙන්, රුසියාවේ මොස්කව්නුවර සියලු ගුවන්තොටුපල වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යුක්‍රේනය විසින් රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මේ දක්වා කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවත් ඩ්‍රෝන යානා 19ක් විනාශ කිරීමට සමත් වූ බවය.

කෙසේවෙතත් ප්‍රහාර හේතුවෙන් නගරයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අගනුවර ප්‍රධාන ගුවන් තොටුපොළවල් සියල්ල තාවකාලිකව වසා දැමීමට රුසියාවේ ගුවන් සේවා නිරීක්ෂණ ආයතනය පියවර ගෙන තිබේ.

රුසියාව පවසා ඇත්තේ අඛණ්ඩව දෙවන රාත්‍රියේදීත් යුක්‍රේනය රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව‍ය.

Continue Reading

විදෙස්

රුපියල් කෝටි 386ක ” පුජනීය ධාතු” වෙන්දේසියක්

Published

on

By

බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාවය මැද පුජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවක් යුත් පුරාණ එකතුවක් සුප්‍රසිද්ධ ලලිත කළා එකතු කිරීමේ භාණ්ඩ සහ ස්වර්ණාභරණ තැරව්කාර ආයතනයක් වන සදබි වෙන්දේසි සමාගම විසින් හොංකොං ඩොලර් 100ක පමණ ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 386ක් පමණ ) මුදලකට එළඹෙන 7 වෙනිදා වෙන්දේසි කිරීමට නියමිතය.

මෙම පුරාණ එකතුවට බෞද්ධ ධාතු ලෙස පිළිගැනෙන මැණික් ගල් , ක්‍රිස්ටල් , රත්තරන් , මුතු ආදිය ඇතුලත් වනවා.

මෙම සියල්ල 1898 වසරේදී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙහි පිප්‍රහ්වා ගම්මානයේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සඳහා ශාක්‍යයන් ඉදිකළ ස්තුපයකින් සොයාගෙන තිබෙනවා.

සදබි සමාගම විසින් මෙම පුරාණ එකතුව කිසිවකට සමානකල නොහැකි ආගමික, පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වැදගත්කමක් ඇති එකතුවක් ලෙස විස්තර කරමින් වෙන්දේසියට එක් කර තිබෙනවා.

මෙම වෙන්දේසිය සිදු කරන සදබි හොංකොං කාර්යාලය සඳහන් කර ඇත්තේ බුදුරාජාණන් වහන්සේගේ ධාතුන් තැන්පත් කර ඇති අළු බඳුනේ ඔබ්බවා තිබු මැණික් ගල් මෙම එකතුවට ඇතුලත් වුවත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙම එකතුවට ඇතුලත් නොවන බවයි. 

Continue Reading

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved