Connect with us

විදෙස්

මිල අධිකම හිමකිරම, ජපානයෙන්

Published

on

ලොව මිලෙන් අධිකම හිමකිරම වර්ගය ජපානයේ නිෂ්පාදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අයිස්ක්‍රීම් එකක මිල යෙන් 880,000ක් (ඇමෙරිකානු ඩොලර් 6,380ක්) ලෙස සටහන් වේ.

Cellato නම් ජපන් අයිස්ක්‍රීම් සන්නාමය විසින් හඳුන්වාදී ඇති මෙය බ්යාකුයා (byakuya) ලෙස නම් කර ඇති අතර, ජපන් බසෙන් එහි අරුත ශ්වේත රාත්‍රිය යන්නයි.

ඉතාලියේ ඇල්බා ප්‍රදේශයේ වගා කරන ඉස්තරම්ම වර්ගයේ සුදු ට්‍රෆල් හතු, රන් පත්‍ර හා චීස් වර්ග දෙකක් ඇතුළු මිලෙන් අධික අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙම අයිස්ක්‍රීම් වර්ගය නිෂ්පාදනය කර තිබේ.

එම සමාගම විසින් ගිනස් වාර්තා ඒකකය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම හිමකිරම විශේෂය නිපදවීමට වසර 1 1/2ක් පමණ ගතවූ බවයි.

පුවත්

ඕස්ට්‍රේලියාවට ඉගෙන ගන්න යන සිසුන්ට බාධා

Published

on

By

ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව තිබිය යුතු “ඉතුරුම් මුදල” නැවතත් වැඩි කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

වාර්තාගත සංක්‍රමණ පාලනය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස වංචනික ශිෂ්‍ය බඳවා ගැනීමේ පිළිවෙත් පිළිබඳ විද්‍යාල කිහිපයකට අනතුරු අඟවා ඇති පසුබිමක මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබේ.

එසේම ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළිදරව් වුවහොත් දැඩි පියවර ගන්නා බවද ඔවුන් පවසයි.  

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ඔස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇත්තේ එරටට පැමිණෙන සංක්‍රමණයිකයින් සංඛ්‍යාව අඩු කිරීමට බවය.

ලබන සිකුරාදා (10)  සිට, ජාත්‍යන්තර සිසුන් ඔවුන්ගේ වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා අවම වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 29,710 (අමෙරිකානු ඩොලර් 19,576) ඉතුරුම් පිළිබඳ සාක්ෂි පෙන්විය යුතුය.

මෙය මාස හතක කාලයක තුළ දෙවන වැඩිවීමයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී එම මුදලඕස්ට්‍රේලියානු ඩොලර් 21,041 සිට 24,505ක් දක්වා ඉහළ දැමීම සිදුවිය.

2022 දී Covid-19 සීමාවන් ඉවත් කිරීම සමඟ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් ප්‍රමාණය ඉහළ ගිය අතර , ඒත් සම්ඟින් එහි  නිවාස වෙළෙඳපොල මත දැඩි පීඩනයක්.එල්ල වී තිබේ.

මේ හේතුවෙන්  මෑත කාලීනව ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමට ක්‍රියාමාර්ග රාශියක් අලුතින් හඳුන්වාදීමට ඕස්ට්‍රේලියානු රජය විසින් කටයුතු කරන ලදී.

ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ ආදායම් මාර්ගයක් වන අතර, 2022/23 වසරේදී ඒ ඔස්සේ ඔවුන් ලැබූ ආදායම ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 36.4කි.

Continue Reading

විදෙස්

පුටින් යළිත් ජනපති ලෙස දිවුරුම් දෙයි

Published

on

By

ව්ලැඩිමීර් පුටින් යළිත් රුසියානු ජනාධිපති ලෙස යළිත් දිවුරුම් දී තිබේ.

මේ අනුව, ඔහු තවත් සය වසරකට රුසියානු රාජ්‍ය නායකයා ලෙස බලයේ සිටිනු ඇත.

ඔහු පළමුවරට රුසියාවේ ජනපති ලෙස දිවුරුම් ලබා දුන්නේ 2000 වසරේදී ය.

යුක්‍රේන යුද්ධය හේතුවෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රැසක් ඔහුගේ දිවුරුම් දීමේ උත්සවය වර්ජනය කර තිබුණි.

Continue Reading

විදෙස්

මෝදි තම ඡන්දය ප්‍රකාශ කරයි

Published

on

By

අදියර 7ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (07) උදෑසන ආරම්භ විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද උදෑසනින් ම සිය ගම් පළාත වන ගුජරාට ප්‍රාන්තයේ, අහ්මදාබාද් නුවර, රානිප් ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය මෝදි නියෝජනය කරන්නේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයයි.

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙවර මැතිවරණය ද විශිෂ්ට අයුරින් ජය ගැනීමට සූදානම් වන අතර මෝදි පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් පසුවෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved