Connect with us

Uncategorized

එක ෆැක්ට්‍රියක් වැසෙන බව MAS නිල වශයෙන් පිළිගනියි

Published

on

මාස් (MAS) හෝල්ඩිංග්ස් සමූහයට අයත් මිහින්තලේ පිහිටි කර්මාන්ත ශාලා දෙකක් වසා නොදමන බවත්, එක් කර්මාන්ත ශාලාවක් මාස 4ක කාලයකට තාවකාලිකව වසා දැමෙන බවත්, මාස් (MAS) හෝල්ඩිංග්ස් හි නිල සංනිවේදන ආයතනය වන ඇඩ් ෆැක්ටර් අපවෙත දන්වා තිබේ.

ඒ අප වෙබ් අඩවිය විසින් “මිහින්තලේ MAS ෆැක්ට්‍රි දෙකක වහයි; දහසකගේ රැකියා ඉවරයි” යන සිරස්තලය යටතේ ඊයේ (31) පළකරන ලද පුවතට ප්‍රතිචාර දක්වමිනි.

එසේම, එම සංනිවේදන ආයතනය කියා සිටින්නේ මෙසේ කර්මාන්ත ශාලාවක් වැසීමෙන් සේවකයන් 1000ක ගේ රැකියා අහිමිවීමක් සිදු නොවන බවයි.

පිළිතුරේ දිගුවක් ලෙස MAS සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතා මීට පෙර ඩේලි එෆ්ටී වෙත අදහස් දක්වමින්  “අපගේ නිෂ්පාදන ධාරිතාව සහ පොදු කාර්ය පිරිවැය තාවකාලිකව අඩු කර ගැනීම සඳහා අපි ඇතැම් කර්මාන්ත ශාලාවලට නිවාඩු ලබා දෙන්නෙමු. මෙම තාවකාලික වසා දැමීමේ කාලය තුළ මෙම කම්හල්වල සේවකයින්ට ඔවුන්ගේ වැටුප් ගෙවනු ලැබේ.” යනුවෙන් මේ සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීමක් සිදු කර ඇති බවද කියා සිටී.

වසර 36කට ආසන්න කාලයක් මෙරට විශාලතම ඇඟළුම් අපනායන සමගමක් ලෙස මාස් (MAS) හෝල්ඩිංග්ස් විශාල ධනස්කන්ධයක් රැස්කරගත් සමාගමකි.

තාවකාලිකව වැහුවත් රැකියාවලට බඩුම තමයි

කෙසේවුවද, තාවකාලිකව කර්මාන්ත ශාලාවක් වසා දැමීම එහි සේවකයන්ගේ රැකියා අහිමිවීමේ අවදානමට සෘජුවම බලපාන බව අප කළ විමසීමකදී නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් මහතා කියා සිටියේය.

මෙසේ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමූ විට කර්මාන්ත ශාලාවේ හිමිකරුවට ලබාදෙන්නේ මූලික වැටුප පමණක් බවත්, එම කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ මූලික වැටුප ඉතා අවම බවත් ඔවුන් ඔවුන්ට ඉන් ජීවත් විය නොහැකි බවත් මාකස් මහතා ‌කියා සිටී.

එම සේවකයනට මූලික වැටුපට අමතරව එකතුවන පැමිණීමේ දීමනාව, උනන්දු දීමනාව සේම ‌අඩු මිලට හෝ නොමිලේ ලැබෙන  ආහාර ‌වේල් ද වැදගත් බව  ඇන්ටන් මකස් මහතා පෙන්වා දෙයි.

කර්මාන්ත ශාලාව වැසීමෙන් පසුව ලැබෙන්නේ මූලික දීමනාව පමණක් නම් ඉන් සේවකයන්ට  ජීවත්වීම නොහැකි නිසා ඔවුන් රැකියාවෙන් ඉවත්වීමට කටයුතු කරක බවත්,  එය මෙවැනි කර්මාන්ත ශාලා හිමිකරුවන්ට වන්දි නොගෙවා සේවකයන්ව ඉවත් කිරීමට විශාල පිටුවහලක් ලැබෙන බවද ඔහු කියා සිටී.

වන්දි නොදී සේවක සංඛ්‍යාව අඩු කර ගැනීමට මෙම සමාගම මෙම සැලැසුම ම කොවිඩ් කාලයේදීත් ක්‍රියාත්මක කළ බවද ඔහු අවධාරණය කළ‌ේය.

සබැඳ පුවත්
මිහින්තලේ MAS ෆැක්ට්‍රි දෙකක වහයි; දහසකගේ රැකියා ඉවරයි 

Uncategorized

රට යන්න හදන කතුන්ට නිවේදනයක්

Published

on

By

විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන දරුවන් සිටින කාන්තාවන් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

අවුරුදු 2-18 අතර ළමුන් සිටින කාන්තාවන් විදේශ ගතවීමේදී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නිකුත් කරන ලද DS4 ලේඛනය ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේවෙතත්, DS4 ලේඛනය නිකුත් කරනු ලබන්නේ කාන්තාවන්ට ඔවුන්ගේ රැකියා ඉල්ලුම්පත්‍ර ප්‍රදේශයේ ග්‍රාම සේවක නිලධාරියා සහ පිළිගත් නොතාරිස්වරයා විසින් සහතික කළ හැකි නම් පමණක් බවද එම කාර්යාංශය පවසයි.

තවද, ඔවුන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සහ අධ්‍යාපන විධිවිධාන පිළිබඳ භාරකරුවන් විසින් සහතික කරන ලියකියවිලි ලබා දීමටද සිදුවන බව එහි වැඩිදුරටත් වාර්තා වේ.

Continue Reading

Uncategorized

සතොස භාණ්ඩ 10ක මිල අද සිට අඩුවෙයි

Published

on

By

ලංකා සතොස විසින් අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල ගණන් අඩු කර ඇත.

අඩු කරන ලද මිල ගණන් පහතින් දක්වා ඇත.

භාණ්ඩ වර්ගය(කි.ග්‍රැ.1)අඩු කල වටිනාකම නව මිල
රතු කැකුළු සහල්රු.6රු.139
මුං ඇට රු.325 රු.1225
වියළි මිරිස් රු.60රු.1290
හාල්මැස්සන් (තායි)  රු.10    රු.1140
රතු පරිප්පු   රු.15  රු.229
රතු නාඩු සහල්   රු.15  රු.200
තිරිඟු පිටිරු.10    රු.200
සෝයා මීට් (තොග) රු.10    රු.650
කඩල       රු. 5 රු.540
සුදු සීනිරු. 5 රු.225

Continue Reading

Uncategorized

උද්ඝෝෂණයට අනුර නැහැ (Update)

Published

on

By

පළාත් පාලන ඡන්දය පවත්වන්නැයි රජයට බලකරමින් ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසම ඉදිරිපිට අද (08) පස්වරුවේ පැවැත්වූ උද්ඝෝෂණයට එහි නායක  අනුර කුමාර දිසානායක මහතා සහභාගිවී නොසිටි බව වාර්තා වේ.

ඒ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පිවිසෙන කෝට්ටේ පාර, කොටා පාර සහ සරණ පාර යන මාර්ග වල මහජනතාවට පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණය කිරීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) නිකුත් කර තිබූ වාරණ නියෝගයක් නිසා බව පැවස‌ේ.

පොලීසිය කරන ලද ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර තිබුණේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට එරෙහිවය.

කෙසේවුවද, ජාතික ජන බලවේගයෙන් පළාත් පාලන ඡන්දයට නාම යෝජනා භාරදුන් අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු පිරිසක් පස්වරුවේ එම ස්ථානයේදීම උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය.

එම උද්‌ඝෝෂණය ආරම්භ කිරීමට පෙර සිටම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට ඇතුළුවන ගේට්ටුව අසල සහ ඒ අවට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ආරක්ෂාව තර කර තිබූ අතර කැරලි මර්දන ඒකකයද කැඳවා තිබුණි.

පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණය පැවැත්වීමෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ උද්ඝෝෂකයන් විසිර ගියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved