Connect with us

විදෙස්

‘ඇමරිකන් XL බුලි’ බ්‍රිතාන්‍යයේ තහනම් කෙරේ

Published

on

‘ඇමරිකන් XL බුලි’ නම් විශේෂයට අයත් සුනඛයන් මෙම වසර අවසන් වන විට බ්‍රිතාන්‍යය තුළ තහනම් කිරීමට තීරණය කර ඇති බව එරට අගමැති රිෂි සුනක් ප්‍රකාශ කර තිබේ.

මෙම සුනඛයන් සම්බන්ධ සපාකෑම් සිද්ධි කිහිපයක් පසුගියදා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ අතර, ඉන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

රිෂි සුනක් මහතා පවසා ඇත්තේ එරට ක්‍රියාත්මක වන අන්තරායකර සුනඛ පනත යටතේ ඇති බලතල අනුව පොලිසිය හා විශේෂඥයන් විසින් එක්ව මෙම විශේෂය නිවැරදිව හඳුනාගැනීමට කටයුතු කරන බවත්ය.

මෙම සුනඛ විශේෂය මහජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් බවට පැහැදිලි බවත්, එබැවින් ජනතාව සුරක්ෂිත කිරීමට වහා පියවර ගැනීම සුදුසු බවත්, ඔහු වැඩිදුරටත් පවසයි.

ක්‍රීඩා

IPL අත්හිටුවයි

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading

විදෙස්

පාප් වහන්සේ තේරීම තීරණයකින් තොරව අවසන් (UPDATE)

Published

on

By

නව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීමේ දෙවන වටයේ ඡන්ද විමසීම තීරණයකින් තොරව අවසන් වී තිබේ.

ඒ, වතිකානයේ සිස්ටයින් දේවස්ථාන කවුලුවෙන් ඉහළ අහසට කළු දුමාරයක් නිකුත් කරමිනි.

රහස් ඡන්ද විමසීම පිළිබඳ ලෝකවාසීන්ට දැනුම් දෙනු ලබන්නේ, එම කවුළුවෙන් නිකුත් කරන දුමාරය මගිනි.

ඒ අනුව කළු දුමාරයෙන් අදහස් වන්නේ, පළමු ඡන්ද විමසීමෙන් පාප්වහන්සේ තෝරා ගැනීමට නොහැකි වී ඇති බවයි.

පාප් වහන්සේ තෝරා ගත් විට එම කවුළුවෙන් නිකුත් වන්නේ, සුදු දුමාරයකි.


(පෙර පුවත 2025 මැයි 08 පෙ.ව.7.32 )

දුම්කවුළුවෙන් කළු දුමාරයක්

නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබේ.

නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු වතිකානයේ දී ඊයේ (07) ආරම්භ වුණි.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා සිටින කාදිනල්හිමිවරු එහි පැවති දිව්‍ය පුජාවෙන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව එම ධුරය සඳහා නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම මෙලෙස සිදුකෙරෙන අතර ඒ සඳහා කාදිනල්හිමිවරුන් 133 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම්කවුළුවේ චිමිනියෙන් කළු දුමාරයක් නිකුත් වී ඇති අතර එමඟින් සංකේතවත් වන්නේ ඊයේ දිනයේ දී නව පාප්වරයෙකු තේරී පත් වී නොමැති බවය.

ඒ අනුව අද (08) දිනයේ දී යළි ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

සබැඳි පුවත්

Continue Reading

විදෙස්

නව පාප් වහන්සේ තෝරා ගැනීමේ රහසිගත ඡන්දය අද යි

Published

on

By

නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිස්ටීන් දේවස්ථානය තුළ අද මෙම ඡන්ද විමසීම දැඩි රහස්‍යභාවයෙන් යුතුව පැවත්වෙන බවයි.

මෙම ඡන්දයේදී ජයග්‍රාහකයෙක් තීරණය කරන තෙක් කාදිනල්වරු තමන්ගේ කැමැත්ත පවතින අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරනු ඇත.

නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව එම දේවස්ථානයේ දුම් කවුලුවෙන් සුදු දුමාරයක් නිකුත් විය යුතුය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved