Connect with us

ක්‍රීඩා

අද කවුරු දිනුවත් පාපන්දුව පරාදයි

Published

on

අද (29) පැවැත්වෙන පාපන්දු නිලවරණයෙන් කවුරුන් ජය ගත්තද පාපන්දුව පරදින බව ස්ථිර බව බොහෝ මැදහත් පාපන්දු ලෝලීන්ගේ හා ක්‍රීඩකයන්ගේ මතය වී තිබේ. 

ක්‍රීඩා ඇමතිවරයා ක්‍රීඩාවේ පරිපාලනයෙන් දූෂිතයන් එළවා දමන බවට කොතරම් පාරම් බෑවද හිටපු සභාපති ජස්වර් වැනි පරීක්ෂණයකින් වරදකරුවකු වූ අයකු නැවත වරක් බලයට ගෙනඒමට යටින් උදව් කරන බවට මොවුහු චෝදනා කරති. 

පසුගිය නිලවරණයේදී ඔහු පාපන්දුව ගැන මෙලෝ දෙයක් නොදන්නා හිටපු දේශපාලනඥයකු වන ශ්‍රී රංගාට ජය ගැනීම සඳහා උදව් කළ බව ප්‍රසිද්ධ රහසක් බව කියන මොවුන් පවසන්නේ ජස්වර් බලයට පත් වුවත් තමන් එක්වී ඔහුගේ පත්වීමට එරෙහිව අධිකරණයට යන බවයි.

ෆීෆා මගින් ලැබෙන ඩොලර් අමු අමුවේ පිල්ලි ගැසූ අයකු බවට ද ජස්වර්ට චෝදනා කරන මොවුන් ක්‍රිකට් වල එක් සංචාරයකට පමණක් වෝහාරික විගණනයක් කැඳවූ ක්‍රීඩා අමාත්‍යවරයා පාපන්දුවට වෝහාරික විගණනයක් කළේ නම් කෝටි ගණනක ගසා කෑම් හෙළිදරව් කර ගත හැකි බවත් පවසයි.

මීට පෙර ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා දූෂණ සෙවීමේ පොලිස් ඒකකය මගින් ජස්වර් ගැන කරන ලද පරීක්ෂණයකදී ජස්වර් වරදකරුවකු කර නැවත පරිපාලනයට ඒමට නොහැකි බව කියා ඇතත් මෙවර, නිලවරණයට තරග වැදීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජස්වර්ට අවසර ලබා දී ඇත.

මේ වන විට ෆීෆා ලෝක ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකා පාපන්දුව සිටින්නේ රටවල් 211කින් 207 වැනි ස්ථානයේය.

කාන්තා කණ්ඩායම සිටින්නේ 153 වැනි ස්ථානයේය. 

මීට කලින් සභාපති හා ලේකම් ලෙස ජස්වර් වසර ගණනක් සිටිය නමුත් ලංකාවේ පාපන්දුව කොතරම් ෆීෆා ඩොලර් ආධාර ලබා තිබුණද ලංකාවේ පාපන්දුව මෙතරම් පහළ මට්ටමක තිබීම ඔහු පාපන්දුව වෙනුවෙන් කර ඇති කැපවීමට කදිම උදාහරණයක් බවද ඔවුහු කියති. 

සබැදි පුවත්

ජස්වර්ගේ කෙළි හෙළිවෙයි; මිලියන 12ක බෝල ආගිය අතක් නෑ

පාපන්දු සභාපති පුටුව හිස් වෙයි?; ජස්වර්ටත් බාල්දියක්

පාපන්දුවේ බලය ගන්න ජස්වර් – දක්ෂිත සටනේ 

ක්‍රීඩා

රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හිදී යුපුන්ට 4වැනි ස්ථානය

Published

on

By

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්වට තරගවැදි ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් එම තරගය තත්ත්පර 10:21කින් නිමා කරමින් එහි සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

කෙසේවුවද, ඔහුට මේ තරගයේදී ඔහුගේ හොඳම කාලය වන තත්ත්පර 10:18 සීමාව පසු කිරීමට නොහැකි වී ඇත.

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ඔහු මේ තරගය සඳහා සහභාගි විය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.47ට තරඟ වදීමට නියමිත බවද වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

යුපුන් අද තරඟ බිමට

Published

on

By

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද (18) යළි ජාත්‍යන්තර තරඟ බිමට එක්වේ.

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්ව සඳහා එක්වන යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.25 ට තරඟ වැදීමට නියමිතය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර හෙට (19) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.47ට තරඟ වදිනු ඇත.

Continue Reading

ක්‍රීඩා

හර්දික් පාණ්ඩ්‍යා ට තරඟ තහනමක්

Published

on

By

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබේ.

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සහභාගී වූ අවසන් තරගයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙනි.

හර්දික් පාණ්ඩ්‍යාට දඩයක් හා එක් තරග තහනමක් පනවා ඇති බව සඳහන් ය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,  කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ද ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් හෝ තරග ගාස්තුවෙන් 50%ක් නියම කර ඇති බවය.

අවස්ථා 05ක දී අයි.පී.එල් ශූරතාව හිමිකරගෙන ඇති මුම්බායි ඉන්දියන් කණ්ඩායමට මෙවර තරගාවලියේ ජයගැනීමට හැකිවූයේ නියමිත තරග 14න් 04ක් පමණක් වන අතර ඒ හේතුවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved