Connect with us

ක්‍රීඩා

පාපන්දු සභාපති පුටුව හිස් වෙයි?; ජස්වර්ටත් බාල්දියක්

Published

on

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතාගේ හා එම පාර්ශ්වයේ තවත් නාමයෝජනා 04ක් නිලවරණ කමිටුව මගින් ප්‍රතික්ෂේප ක‍ර ඇත.

පාපන්දු නිලවරණ කමිටුව දක්ෂිත මහතාට සහය දක්වන  නාමයෝජනා 08 පමණක් අනුමත කර තිබීම කැපී පෙනේ.

මේ අනුව සභාපති ධූරයට තරග වදින ජස්වර් උමාර්ගේ පාර්ශ්වයට වැඩි වාසියක් සැලසී ඇති බව පාපන්දු විචාරක මතය වේ.

මෙම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ලබන මස 03 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව නිලවරණ කමිටුව අදාළ අපේක්ෂකයන්ට අවස්ථාව සලසා දී ඇත.

සභාපති තනතුරට නාමයෝජනා ලබාදුන් දක්ෂිත සුමතිපාල, උපසභාපති තනතුරට නාමයෝජනා දුන් ටී.එල්. උඩුවර (වත්තල ලීගය), විධායක සභික තනතුරට ඉදිරිපත් වූ නාලක දිසානායක (ශ්‍රී ලංකා පාසල්), නිහාල් පෙරේරා (වත්තල ලීගය) හා විධායක සභාවේ කාන්තා නියෝජනයට ඉදිරිපත් වූ හේෂිණී ආරියරත්න (දෙනියාය ලීගය) යන මහත්ම මහත්මීන්ගේ නාම යෝජනා මෙලෙස නාමයෝජනා ප්‍රතික්ෂේප කර තිබේ.

කලකදි වහ කලකදි රහයි !

දක්ෂිත මහතාගේ පාර්ශ්වයේ අභියාචනාද ප්‍රතික්ෂේප වුවහොත් හිටපු සභාපති ජස්වර් උමර් මහතා නිතරගයෙන් සභාපති තනතුරට පත්වන අතර අනෙක් ප්‍රධාන තනතුරු 04ට ද නිතරග අවස්ථා හිමි වනු ඇත.

නිලවරණ කමිටුව හිටපු සභාපති ජස්වර් උමර් මහතාගේ නාමයෝජනා 13ම අනුමත කිරීම පිළිබඳව ද පාපන්දු ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ.

ඒ ජස්වර් පසුගිය නිලවරණයේදී සභාපති ධූරයට තරග වැදීමට නාම යෝජනා ලබා දී තිබියදී අවසන් මොහොතේ ඔහුට තරග වැදීමට නොහැකි බව කියමින් ක්‍රීඩා අමාත්‍යාංශය ඔහුව තරගවැදීමට නුසුදුස්සකු සේ නම්කර .තිබීම නිසාය.

එසේ ක්‍රීඩා ඇමතිවරයා විසින් ප්‍රතික්ෂෙප කරන ලද අයකු නැවත වරක් සුදුස්සකු වීම පිළිබඳව බොහෝ දෙනා විමතිය පල කර සිටිති.

මීට වසර කිහිපයකට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයේ දූෂණ මර්ධන ඒකකය මගින් ජස්වර් ඉදිරියේ කිසිදු නිලයක් දැරිය නොහැකි අයකු බවට නිර්දේශයක්ද ඉදිරිපත් කර තිබියදී ඔහුගේ නාම යෝජනාව නිලවරණ කමිටුව විසින් පිළිගෙන තිබීම විශේෂ සිද්ධියකි. 

මෙවරද නිලවරණ කමිටුවේ සිටින්නේ පසුගිය වාරයේ සිටි නිලධාරීන්මය.

නිලවරණ කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමික විනිසුරු යූ. එල්. අබ්දුල් මජීඩ් මහතා කටයුතු කරන අතර, සාමාජිකයින් ලෙස විශ්‍රාමික විනිසුරු බන්දුල කේ. අතපත්තු සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි ගුණසේකර යන මහත්වරු කටයුතු කරති.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශ‌ේෂ විමර්ශන ඒකකය විසින් පාපන්දු සම්මේලනයේ හිටපු ල‌ේකම් යූ.එල්. ජස්වර් මහතාගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලබාදී තිබූ තීන්දුව පහත දැක්වේ. 

මෙවර පාපන්දු නිලවරණය සඳහා නාමයෝජනා පිළිගත් හා ප්‍රතික්ෂේපිත ලයිස්තුව පහත දැක්වේ. 

ක්‍රීඩා

ඩිලන්ත, GT4 යුරෝපියානු මෝටර් රථ තරගාවලියේ ඉසව්වකින් 2වැනි තැනට

Published

on

By

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි විය.

මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි 28 දා ස්පාහිදී පැවැත්වේ.

Continue Reading

ක්‍රීඩා

රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හිදී යුපුන්ට 4වැනි ස්ථානය

Published

on

By

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්වට තරගවැදි ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් එම තරගය තත්ත්පර 10:21කින් නිමා කරමින් එහි සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

කෙසේවුවද, ඔහුට මේ තරගයේදී ඔහුගේ හොඳම කාලය වන තත්ත්පර 10:18 සීමාව පසු කිරීමට නොහැකි වී ඇත.

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ඔහු මේ තරගය සඳහා සහභාගි විය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.47ට තරඟ වදීමට නියමිත බවද වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

යුපුන් අද තරඟ බිමට

Published

on

By

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද (18) යළි ජාත්‍යන්තර තරඟ බිමට එක්වේ.

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්ව සඳහා එක්වන යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.25 ට තරඟ වැදීමට නියමිතය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර හෙට (19) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.47ට තරඟ වදිනු ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved