Connect with us

පුවත්

බිලියන 4ක් පොලි තැබුවට ආණ්ඩුවට මෙන්ඩිස් නැතිවම බැරි ඇයි?

Published

on

රුපියල් බිලියන 4 කට ආසන්න සුරාබදු මුදලක් ගෙවීම ඇති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා තිබූ නිෂ්පාදන බලපත්‍රය යළි ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (28) පියවර ගෙන ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල් ජේ. එස්. ගුණසිරි මහතා මාධ්‍යවෙත පවසා ඇත්තේ අදාළ මත්පැන් නිෂ්පාදන සමාගම සුරාබදු මුදල් ගෙවීම ආරම්භ කළ නිසා මෙලෙස බලපත්‍රය දීමට පියවර ගත් බවයි. 

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමට අයත් වැලිසර පිහිටි මත්පැන් නිෂ්පාදන කර්මාන්ත ශාලාව සඳහා මෙලෙස නිෂ්පාදන බලපත්‍රය ලබාදී ඇති අතර, අදාළ සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු මුදල් නිසි පරිදි නොගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද කතාබහට ලක්විය.

සුරාබදු මුදල් නොගෙවා පැහැර හරින ලද මත්පැන් නිෂ්පාදන සමාගම් පිළිබඳ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින්ද විමර්ශනයක් පවත්වා සමාගම් කිහිපයකට එරෙහිව මේ වනවිට අධිකරණය හමුවේ නීතිමය ක්‍රියාමාර්ගද ගෙන තිබේ. 

රුපියල් කෝටි 678 කට අධික සුරාබදු මුදල් ප්‍රමාණයක් රජය වෙත ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් 10 කින් එම බදු මුදල් අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද මේ වනවිට ගොනුකර තිබේ.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ හමිකරු බවට සටහන් නැතත් එහි ප්‍රධාන පුද්ගලයා ලෙස නම කියවෙන්නෙ ව්‍යාපාරික අර්ජුන ඇලෝසියස් මහතාගේ නමය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved