Connect with us

පුවත්

මහ බැංකුවේ විතරක් පඩි වැඩිකරගත්තට කැබිනට් විරෝධය

Published

on

සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සියලුම ඇමැතිවරු මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීන්ට ඊයේ (04) සිය දැඩි විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.

මෙලෙස විරෝධය පළ කර ඇත්තේ මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවමිනි. 

කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මෙම නිලධාරීන් කැඳවා කරුණු විමසා ඇති අතර එහිදී වැටුප් වැඩිකර ගැනීම සාධාරණීකරණය කරමින් මහ බැංකු අධිපතිවරයා අදහස් දක්වා ඇති බවද පැවසේ. 

එහෙත් එම අදහස් දැක්වීම අනුමත නොකරමින් සියලුම ඇමැතිවරු එක හඬින් ප්‍රකාශ කර ඇත්තේ මෙම අවස්ථාවේ එලෙස වැටුප් වැඩි කර ගැනීම වැරදි හා සදාචාරාත්මක නොවන බව ය.

ඇමැතිවරුන්ගේ විරෝධතාවෙන් පසුව අදහස් දක්වා ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මුදල් කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස  සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.

මහ බැංකු අධිපතිවරයාට අමතරව නීති නිලධාරී සහ මානව සම්පත් කළමනාකරු ද කැබිනට් මණ්ඩලයට කැඳවා තිබූ බව වාර්තා වේ.

මේ අතර මෙම වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම නිලධාරීන් අද පාර්ලිමේන්තුවට ද කැඳවා තිබේ. 

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට හා මුදල් කාරක සභාවට එම නිලධාරීන් කැඳවා ඇති අතර මුලින්ම ඔවුන් මුදල් කාරක සභාවට කැඳවා කරුණු විමසීමට නියමිතව තිබූ නමුත් පසුගිය සතියේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර ඇත්තේ මුලින්ම පක්ෂ නායක රැස්වීමට කැඳවිය යුතු බවය.

සබැඳි පුවත්:

පඩි වැඩි කර ගැනීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්! 

පඩි වැඩිකරගත් මහ බැංකු ලොක්කෝ පාර්ලිමේන්තුවට 

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved