Connect with us

පුවත්

ලංකා හොස්පිටල් – ටෙලිකොම් හා රනිල්ට ලයිකා දැමූ නඩු යළි පවරන්න ඉඩතියාගෙන ඉල්ලා අස්කරගනියි!

Published

on

දැනට තෝරා ගෙන සිටින අයැදුම්කරුවන් පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය අත්හිටුවීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සම් දෙකක් ඊයේ (11) පෙත්සම්කාර පාර්ශ්ව විසින්ම අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගන්නා ලදී.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙනුවෙන් ලයිකා මොබයිල් එස්.ඒ.ආර්.එල්. සමාගම සහ පිටිගෝ කොමේරිකෝ ඉන්ටර්නැෂනල් සමාගම මෙන්ම ලංකා හොස්පිට්ල්ස් ආයතනය වෙනුවෙන් ලයිකා ලීසිං හෝල්ඩිං සමාගම සහ හයිම්ස් ඉන්ටනැෂනල් සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් ඊයේ අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් හමුවේ යළි කැඳවනු ලැබුණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මූලික විරෝධතා මතුකරමින් මෙම කටයුත්ත පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවත් එම කමිටුවේ සාමාජිකයන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර නොමැති බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා සඳහන් කළේ අදාළ කමිටුවේ සාමාජිකයන්ද වගඋත්තරකරුවන් වශයෙන් නම් කරමින් නව පෙත්සම් ඉදිරිපත් කිරීමේ අයිතිය රඳවා ගනිමින් මෙම පෙත්සම් ඉල්ලා අස්කර ගැනීම සඳහා අවසර පතන බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට විනිසුරුවරයා අවසර දුන්නේය.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම්වලින් පෙත්සම්කාර සමාගම් කියා සිටින්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු සියයට 50.23 ක කොටස් හා ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ සියයට 51.34 ක් කොටස් පැවරීමේ ක්‍රියාවලියට අදාළව සුදුසුකම් ලැබීම සඳහා අයදුම්පත් තමන් විසින් වගඋත්තරකරුවන් වෙත ඉදිරිපත් කළ බවයි.

එහෙත් කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව එම අයදුම්පත් ප්‍රතික්‍ෂේප කිරීමට වගඋත්තරකාර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාළ අමාත්‍ය මණ්ඩල කමිටුව තීරණය කළ බවත් පෙත්සම්කාර සමාගම් චෝදනා කළා.

අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ මෙම තීරණය අත්තනෝමතික මෙන්ම අයුක්ති සහගත බව පෙන්වාදෙන පෙත්සම්කාර සමාගම් සියලු සුදුසුකම් සපුරා තිබියදීත් තම අයදුම්පත් පිළිනොගැනීමට එම කමිටුව ගත් තීරණය නීතියට පටහැනි බවත් සිය පෙත්සම්වලින් පෙන්වා දී තිබේ.

මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජිකයන් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ.

සබැඳි පුවත් :
ටෙලිකොම් – ලංකා හොස්පිට්ල්ස් අතුරු තහනම ඉවත් කරන්නැයි ඉල්ලයි – Sri Lanka Mirror – Right to Know. Power to Change

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved