Connect with us

පුවත්

මියන්මාරයෙන් බේරාගත් ලාංකිකයන් ගේන්න තායිලන්තයේ සහාය

Published

on

මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ  අලි සබ්රි මහතා අතර සිදුවී තිබේ.

දුරකථන මාර්ගයෙන් දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡාව පවත්වා ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටී.

මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු සිටින අතර ඉන් 8 දෙනෙකු බේරාගැනීමට හැකිවූ බව මියන්මාර රජය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ඒ අනුව එම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව සඳහන් ය.

ඒ අනුව ඊට අදාළ පහසුකම් සැපයීමට තායිලන්ත විදේශ අමාත්‍යවරයා සිය එකඟතාව පළකර ඇති බව වාර්තා වෙයි.

තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම, අන්‍යොන්‍ය වීසා රහිත විධිවිධාන රටවල්, පුනර්ජනනීය බලශක්ති සහ ධීවර යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙම සංවාදයේදී විදේශ අමාත්‍යවරුන්ගේ අවධානයට ලක්වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

පුවත්

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ

Published

on

By

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතය.

පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය ප්වසයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබේ.

දිවයිනේ පවතින තද වැසි තත්වය හේතුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයට ජලගැලීම් තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, පුත්තලම් දිස්ත්‍රික් ලේකම්වරයා සහ වයඹ පලාත් ප්‍රධාන ලේකම්වරිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවත් සඳහන් වේ.

ඒ අනුව පුත්තලම කලාපයේ පාසල් 213ක් සහ හලාවත කලාපයේ පාසල් 158ක් අද දිනයේ පමණක් වසා තැබෙනු ඇත.

Continue Reading

පුවත්

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

Published

on

By

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවය.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම,  වයඹසහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත්  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී.30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 8ක් සඳහා නිකුත් කළ නායයාම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තව දුරටත් ක්‍රියාත්මක වන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

ඊයේ (19) පස්වරු 4.00 සිට අද (20) පස්වරු 4.00 දක්වා කාලය සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබිණි.

ඒ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානය පැවසුවේය.

Continue Reading

පුවත්

රනිල් “නූතන විභීෂණ” යැයි විමල් කියයි 

Published

on

By

ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත් කිරීමේ න්‍යාය පත්‍රය රනිල් වික්‍රමසිංහ හෙවත් “නූතන විභීෂණ” අතේ ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා කියයි.

එමගින් ස්වාධීන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකා රාජ්‍යයේ පැවැත්ම ඓතිහාසිකව අතුරුදන් කිරීමේ අනතුර, රාම රාවණ සහ විභීෂණ නූතන කතාව කෘතිය මගින් පෙන්වා දී තිබෙන බව වීරවංශ මහතා ඔහු විසින් ලියූ “රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” කෘතිය ජනගත කරමින් කියා සිටියේය.

මේ පොත එළිදැක්වීමේ උත්සවය පසුගිය දා කොළඹ 07, ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද කියා සිටියේය

” මෙම ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ නම් වූ කෘතිය එළිදැක්වීමට මා අදහස් කළේ රාජ්‍යයක්, ජාතියක් ලෙස අප මුහුණ දී සිටින තත්කාලීන අභියෝගය පිළිබඳව සමාජය තුළ සැබෑ සංවාදයක් ඇති කිරීමේ පරමාර්ථයෙනුයි. ඔබ දන්නවා, මීට වසර කිහිපයකට පෙර යුක්‍රේනයේ පැවතුණා ‘මයිදාන් අරගලය’ නම් වූ අරගලයක්. දැන් යුක්‍රේනය සිටින්නේ ‘පශ්චාත් මයිදාන් අරගල අවධිය’කයි. මයිදාන් අරගලයෙන් පාර කපනු ලැබුවේ රුසියාව සහ යුක්‍රේනය අතර නොනවතින යුද ගැටුමකට. පශ්චාත් මයිදාන් අරගල අවධිය, යුක්‍රේනයට යුද්ධයක් උරුම කර දුන්නා වගේ ගාලුමුවදොර අරගලයෙන් පසු අවධිය, ‘ජීව උණ්ඩ නොමැති යුද්ධයකට’ ශ්‍රී ලංකා රාජ්‍යය ඇද දමා තිබෙනවා. කෙසේ වුවත් මයිදාන් අරගලයෙන් පසුව යුක්‍රේනයට අත් වූ ඉරණමට සමාන ඉරණමකට අපි අද ඇද වැටී තිබෙනවා. පශ්චාත් ගාලුමුවදොර අරගල සමය තමයි ‘නූතන විභීෂණ’ අතට රටේ පාලනය අරගෙන දුන්නේ. රාමායනයට අනුව විභීෂණ කියන්නේ රාවණගේ සහෝදරයා; රාවණව පාවාදුන් සහෝදරයා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ සහෝදරයා නොවුණත් සංකේතාත්මකව එසේ හැඳින්විය හැකියි. ගාලුමුවදොර අරගලය මෙන්ම වෙනත් සියලු සාධක හේතුවෙන් රනිල් වික්‍රමසිංහගේ අතට බලය ගියා. අද මේ ආකාරයට ස්වෛරී පැවැත්ම බිලි ගනිමින් අවමංගල්‍ය පෙරහැරක රැගෙන යමින් තිබෙන රාජ්‍යය, එතැනින් මුදාගෙන නැවත එයට පණ දී බලගැන්වීමේ යුතුකම හා වගකීම අප හමුවේ තිබෙනවා. ”

මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, යුතුකම සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති වීරසුමන වීරසිංහ, මහාචාර්ය චන්න ජයසුමන, ගාමිණී වලේබොඩ, ජගත් ප්‍රියංකර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved