Connect with us

ක්‍රීඩා

ශ්‍රී ලංකාවට විශිෂ්ථ ජයක්; තරගයේ හා තරගාවලියේ වීරයා කමිදු

Published

on

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය තරග 2 – 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ පස්වන දිනය වූ අද (03) ලකුණු 318කට සියලුදෙනා දැවී ගියේය.

බංග්ලාදේශ දෙවැනි ඉනිම වෙනුවෙන් හසන් මිරාස් නොදැවී ලකුණු 81ක් රැස් කළ අතර මොමිනුල් හක් ලකුණු 50ක් රැස් කළ‍ේය.

පන්දු යැවීමේදී, ළහිරු කුමාර ලකුණු 50කට කඩුලු 4ක් දවාගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තේය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න ලකුණු 86ක් රැස්කළහ.

පන්දු යැවීමේදී බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් ෂකීබ් අල් හසන් කඩුලු 03ක් දවාගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කළේ ලකුණු 178ක් පමණි.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු පන්දුවාර 10යි පන්දු 4කදී ලකුණු 34කට කඩුලු 4ක් දවාගත්තේය.

ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තේය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් රැස් කළේය.

පන්දු යැවීමෙන් හසන් මහමුද් ලකුණු 65කට කඩුලු 4ක් දවා ගත්තේය.

ඒ අනුව තරගයෙන් ජයග්‍රහණය සඳහා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 511කි.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන ලැබීය.

ක්‍රීඩා

සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

Published

on

By

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය.

ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

Continue Reading

ක්‍රීඩා

LPL වෙන්දේසියේදී ඉහල මිලක් හිමිවූ මතීෂ

Published

on

By

කොළඹදී දැන් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇමෙරිකානු ඩොලර් 120,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 360 කට ආසන්න මුදලකට අළෙවි විය.

එහිදී කොළඹ කණ්ඩායම විසින් මතීෂ පතිරණ මිලදීගත් අතර මේ වන විටත් පැවැත්වෙන වෙන්දේසියේදී මේ දක්වා ඉහළම මිල මතීෂට හිමිවිය.

Continue Reading

ක්‍රීඩා

2024 LPL ක්‍රීඩක වෙන්දේසිය (සජීව විකාශය)

Published

on

By

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ කර තිබේ.

එහි සජීවී විකාශය :- 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved