Connect with us

පුවත්

පොළොන්නරුවේදී අලි පැටවෙක් මරා දමයි

Published

on

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු ප්‍රදේශයේ අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ අලි පැටවෙකු මියගොස් තිබේ.

අසාධ්‍ය තත්ත්වයේ සිටි මෙම අලි පැටවා වැලිකන්ද වනජීවි නිලධාරීන් විසින් ඊයේ (15) සොයා ගනු ලැබූහ.

හක්ක පටස් ආහාරයට ගැනීමෙන් සත්ත්වයා මෙලෙස අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති බව වනජීවි නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.

ප්‍රතිකාර කිරීම වෙනුවෙන් වැලිකන්ද වනජීවි කාර්යාලය වෙත රැගෙන ආ අලි පැටවා පසුව මියගොස් තිබේ. 

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු දෙකක් පමණ වයස වූ අලි පැටවෙකි.

පුවත්

තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් හෙට පාර්ලිමේන්තුවට

Published

on

By

මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක්  හෙට (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව යළි ආර්ථික බිඳවැටීමක් සිදු නොවීමට අදාළව “ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” සහ රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම වෙනුවෙන් “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” ඉදිරිපත් කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

Continue Reading

පුවත්

චීනයට පත්වූ නව ශ්‍රී ලංකා තානාපති, වැඩ භාර ගනී

Published

on

By

චීනයට පත් වී ඇති නව ශ්‍රී ලංකා තානාපතිවරයා වන මජින්ත ජයසිංහ මහතා ඊයේ (20) දිනයේදී බෙයිජිං අගනුවරදී වැඩ භාරගෙන තිබුණි.

මීට පෙර මෙම ධූරයේ කටයුතු කළ පාලිත කොහොන මහතා ගේ ධූර කාලය පසුගිය වසරේදී අවසන් වීමත් සමග මෙම ධූරය මාස කිහිපයක් පුරාවටම හිස්ව පැවතිනි.

Continue Reading

පුවත්

අද ජාත්‍යන්තර  “තේ” දිනය යි

Published

on

By

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද (මැයි 21) ජාත්‍යන්තර තේ දිනය ලෙස නම් කර ඇත.

ගෝලීය වශයෙන් තේවල සංස්කෘතික වැදගත්කම හඳුනා ගැනීම සහ එහි තිරසාර නිෂ්පාදනය සහ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි.

ගෝලීය වශයෙන් වැඩිපුරම පරිභෝජනය කරන දෙවන පානය වන තේ, ග්‍රාමීය සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාවය අඩු කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, කෙන්යාව, මලාවි, මැලේසියාව, තුර්කිය, මියන්මාරය, ඉරානය, රුවන්ඩාව උගන්ඩාව සහ ටැන්සානියාව වැනි තේ නිෂ්පාදනයේ පුරෝගාමී රටවල පවුල් මිලියන ගණනක ජීවනෝපාය තේ කර්මාන්තයයි.

ලොව පුරා Ceylon Tea හෙවත් ලංකාවේ තේ අතිශය ප්‍රචලිත අතර සංචාරකයන් අතර අප රටේ තේ පිළිබඳ උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද මේ වනවිට යෝජනා ඉදිරිපත්ය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved