Connect with us

පුවත්

පියුමි හංසමාලිට මුල්‍ය විශුද්ධිකරණ චෝදනා

Published

on

ගෝඨාභය රාජපක්ෂට අයත්ව තිබී වර්මාතනයේ පියුමි හංසමාලි විසින් භාවිතා කරනුලබන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා “මගෙන් රටට” සංවිධානය විසින් අද නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණිල්ලක් සිදු කරන ලදී.

එහිදී අදහස් පලකළ “මගෙන් රටට” සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා,

“ඡන්දය ලග එනවා කියලා පේනවා.ඡන්දයක් ලග එනකොට දේශපාලකයන්ගේ හංගපු සල්ලි එලියට එනවා.පියුමි හංසමාලි සම්බන්ධයෙන් අපිට සැකයක් ඇවිත් තිබෙනවා.

ගෝඨාභයගේ ජීප් රථය පියුමි හංසමාලි මිලදී ගත්තා හෝ ඒක පියුමි හංසමාලිට ගෝඨාභය දුන්නා වෙන්න ඕන.

ඒ නිසා ගෝඨාභයගේ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි මිලදී ගත්තේ කෙසේද නැත්නම් ගෝඨාභය එයාට දුන්නද මේක දේශපාලකයන්ගේ කලු සල්ලි සුදු කිරීමක් ද කියලා අපිට සැකයක් තිබෙනවා

ඒ වගේම පියුමි හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.

ඉදිරි ඡන්ද වලට දේශපාලකයන් සල්ලි වියදම් කරන ආකාරය අපි බලන් ඉන්නවා.දේශපාලකයෝ කලු සල්ලි සුදු කරන්න නළුනිලියෝ යොදාගන්නවා දැයි සැකයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා අපි නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයෙන් ඉල්ලා සිටිනවා.”

පුවත්

අර්චුනාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට රජයෙන් ප්‍රතිචාර (වීඩියෝ)

Published

on

By

පසුගිය කාලසීමාවේදී රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් අතර හිටපු එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් අවිආයුධ තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කලේය.

“මම මේක කිව්වා කියල වෙඩි වදින්න පුළුවන්” ලෙස ද  මන්ත්‍රීවරයා මෙහිදී  සඳහන් කළේය.

ඊයේ (05) පාර්ලිමේන්තුවේ ගමනාගමන කොමිසන් සභා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාද අවස්ථාවේ මන්ත්‍රීවරයා විසින්  මෙලෙස අදහස් දක්වන ලදී.

මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාද ප්‍රතිචාර දැක්වූ අතර එහිදී සභාවේ මෙවන් උණුසුම් තත්ත්වයක් ඇති විය.

අද “නෙත් නිව්ස්” විසින් වාර්තා කර තිබුනේ, රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් අතර හිටපු එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් අවිආයුධ තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කරන බවය.

එහි වැඩිදුරටත් සඳහන් වී ඇති පරිදි ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගෙන් කළ කරුණු විමසීමකදී ඒ මහතා විසින් මන්ත්‍රී අර්චුනාගේ අදාළ ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බව පවසා ඇත. 

වීඩියෝ – Voice Tube

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුව (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (06) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

ජූනි මස පළමු රැස්වීම් සතියේ සිව්වැනි රැස්වීම් දිනය ලෙස අද (06) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර ඇත.

පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා කාලය වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස්දෙනෙකු සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටය.

මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ආර්. සම්බන්ධන්, කෝසල නුවන් ජයවීර, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, මාවෙයි සේනාධිරාජා සහ ඩොනල්ඩ් දිසානායක යන මහත්වරුන් වෙනුවෙන් එදින ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.

ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත්කරනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

Continue Reading

පුවත්

තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම

Published

on

By

තවත් පවුල් ලක්ෂ 4 කට ලබන මාසයේ අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවය.

සංක්‍රාන්ති කණ්ඩයට අයත් පවුල්, හාර ලක්ෂ 20000 ක අස්වැසුම ප්‍රතිලාභය පසුගිය අප්‍රේල් මාසයේ සිට නතර කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාව දහතුන් ලක්ෂ 80000 කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved