Connect with us

පුවත්

ඩයනාගෙන් අනතුරු ඇඟවීම්

Published

on

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට හානිදායක දේ සිදුකරන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අනතුරු අඟවා තිබේ.

ඇය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා අධික මිලකට කොත්තුවක් ලබා දීම සම්බන්ධයෙන් වෙළෙන්දෙකු හා සංචාරකයෙකු අතර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමිනි.

වර්තමානයේ සංචාරකයින් මෝඩයන් නොවන බවත් ඔවුන් රැවටිය නොහැකි බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරිය, ආගන්තුක සත්කාරයට ලැදි, මිත්‍රශීලී සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට මෙන්ම සෙසු ව්‍යාපාරිකයන්ගේ ජීවනෝපායට ද හානි නොවන පරිදි එවැනි හැසිරීම්වලින් වළකින ලෙස ඉල්ලා සිටියාය.

කලා

එජාප මැයි රැලි සංගීතයට ගායක ගායිකාවන් ඉන්දියාවෙන්; සංගීතේ ශේන් සිංගෙන්

Published

on

By

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා ඉන්දීය ගායක ගායිකාවන් පිරිසක් ඊයේ (30) මෙරටට පැමිණ තිබිණි.

මෙම සංගීත ප්‍රසංගය අද (01) රාත්‍රි 07.00 සිට මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය. 

එහි ගීත ගායනා කිරීම සඳහා විජේ බාලක්‍රිශ්ණන්, රම්‍යා නාගර්කෝවිල්, ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් ආදි ගායන ශිල්පීන් පැමිණ ඇත.

ඊට අමතරව ඉන්දීය සංගීත ශිල්පීන් වන ධර්මර් සත්‍ය ප්‍රකාශ් සහ නුරානි වර්ෂා ද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා අද (01) මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ශේන් සිං ප්‍රමුඛ ‘ලයින්වන්’ සංගීත කණ්ඩායම ඊට සංගීතය සපයන අතර අදාළ ප්‍රසංගය නොමිලේ පැවැත්වේ.

Continue Reading

පුවත්

පෑලියගොඩ අවටින් ඇල්ලූ ගණිකාවන් 25කට ගොනෝරියා හා හර්පීස්

Published

on

By

පෑලියගොඩ පොලිස් වසමේ දින කිහිපයක් තුළ සිදුකළ වැටලීම්වලින් පොලිසිය භාරයට ගත් වීදි ගණිකාවන් විසි පස් දෙනකු සමාජ රෝගවලට ගොදුරු වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මෙම කාන්තාවන් පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණය, මත්ස්‍ය වෙළෙඳපොළ, පට්ටිය හංදිය, වෙදමුල්ල ඇතුළු ප්‍රදේශවලදී පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ යුක්තිය මෙහෙයුමට සමගාමීව පෑලියගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ඒ කළුවිතාරණ ඇතුළු නිලධාරීන් විසින් පසුගිය සතියේ මෙම වැටලීම සිදුකර තිබුණේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා ගණිකා වෘත්තියේ නිරත කාන්තාවන් සම්බන්ධයෙන් ලද තොරතුරු මතය.

මේ අනුව කාන්තාවන් විසි පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ අවසර මත වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

මේ අනුව කොළඹ ජාතික රෝහලේදී මෙම කාන්තාවන්ගේ ලේ සාම්පල රැගෙන කරන ලද පරීක්ෂණවලදී මෙම කතුන් විසි පස් දෙනාටම ගොනෝරියා, හර්පීස් වැනි සමාජ රෝග වැළඳී ඇතැයි හඳුනාගෙන ඇත.

මොවුන් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර හා පුනරුත්තාපන ක්‍රියාවලියකට යොමුකිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.

පෑලියගොඩ පොලිස් වසමේ සිට ඇති මෙම කාන්තාවන් ලිංගිකව ඇසුරු කළ පුද්ගලයන් තම ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන ලෙසත් වෛද්‍ය පරීක්ෂණවලට යොමුවන ලෙසත් පෑලියගොඩ පොලිසිය ඉල්ලා සිටියි. එසේම වීදි ගණිකාවන් හෝ ගණිකා වෘත්තියේ නිරත වන කාන්තාවන් ඇසුරු කිරීමේදී සැලකිලිමත් වන ලෙස ද පොලිසිය සඳහන් කර සිටියි.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

කම්කරු දිනය අද 

Published

on

By

ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 01 අදට යෙදී තිබේ.

වසර 1886 මැයි මස 01 වැනිදා අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්ව තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් දින කිහිපයක් පුරා විරෝධතාවල නිරත වු කම්කරුවන් ඉලක්කරකරමින් එල්ල වූ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියයෑම සිහිපත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සිදුකරයි.

කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ 1889 වසරේදී මැයි මස පළමුවන දින ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ලොව සෑම රටක්ම මැයි මස පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැළි ආදිය සංවිධාන කරයි.

මෙවරත් කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලි රැස්වීම් අද දිනයේ සංවිධානය කර තිබේ.

ඒ අනුව දිවයින පුරා රැළි සහ පෙළපාලි 40ක් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කර ඇත.

එමෙන්ම මැයි දින සැමරුම් උත්සව 19ක් ද මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අද පස්වරු 2.00ට කොළඹ මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතය.

ජනාධිපතිවරයා අද මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතව අතර අද පෙරවරුවේ ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළියට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට ඉන් අනතුරු සහභාගීවීමට නියමිතය.

ජාතික ජනබලවේගය කොළඹ, යාපනය, මාතර සහ අනුරාධපුර ප්‍රදේශවල මැයි රැළි හතරක් සංවිධානය කර ඇති බව විජිත හේරත් මන්ත්‍රීවරයා පවසයි.

සමගි ජන බලවේගය කොළඹ චැතැම්වීදිය සහ වතුකරයේ මැයි රැළි දෙකක් පැවැත්වීමට සැලසුම්කර ඇති බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සදහන් කළේය..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට සියල්ල සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved