Connect with us

පුවත්

ආපදා කළමනාකරණ මධස්ථානයෙන් දැනුම්දීමක්

Published

on

හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මක කර තිබේ.

එමඟින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කිරීමටත්, පහසුකම් සැලසීමටත් කටයුතු සලසන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර දිවයිනට බලපා ඇති හදිසි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති බව ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම්දීම සඳහා පොලීසිය විසින් ආර්ම්භ කළ විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක යාවත්කාලීන කර තිබේ.

ඊයේ (02) පස්වරු 06 සිට පැය 24පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කිරීමට පියවර ගත්තේය.

පොලිස් මුලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වන අතර හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම මෙමඟින් සිදුකෙරේ.

ඒ අනුව 011 2 42 18 20 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ එම විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මීට අමතරව 011 2439212, 011 2013036 හෝ 011 2013039 යන දුරකථන ඔස්සේ ද එම මෙහෙයුම් මැදිරියට තොරතුරු ලබා දිය හැකි වේ.

එමෙන්ම [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ද තොරතුරු ලබා දිය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන් ඉදිරි මාස 02 තුළ ඉදි කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වයන් වෙත උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

මීට සම්බන්ධ පූර්ණ සැලැස්මක් අද දිනයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, බලපෑමට ලක්ව ඇති සියලු ප්‍රදේශීය ලේකම් කාර්යාලවල අත්‍යාවශ්‍ය නිලධාරීන් සහ ග්‍රාම සේවා නිලධාරීන් ප්‍රමුඛ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන් විපතට පත්වූවන්ට සියලු සහන සැලසීම සඳහා කටයුතු කරමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම සියලු නිලධාරීන්ගේ කැපවීම අගය කළ ජනාධිපතිවරයා එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත්, වහාම ආපදා තත්ත්වයන්ගෙන් මහජනතාව මුදාගෙන සාමාන්‍ය ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා රජයෙන් ලබාදිය හැකි සියලු සහාය නොපමාව ලබා දෙන බවත් සඳහන් කර තිබේ.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පස්කදු හෝ ගස් කඩා වැටීමෙන් දුම්රිය මාර්ග හා මහාමාර්ග අවහිර වී ඇත්නම් වහාම ප්‍රදේශීය ඉංජිනේරු කාර්යාල දැනුවත් කරන ලෙස මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා මහජනතාවට දැනුම් දෙයි.

ඊට අදාළව වහාම ක්‍රියාත්මක වීමේ සියලු බලතල ප්‍රදේශීය ඉංජිනේරුවන් වෙත පවරා ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved