Connect with us

පුවත්

දරුවාට පහරදුන් සැකකරුට ලැබුණු නියෝගය (Update )

Published

on

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කුඩා දරුවෙකුට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ සැකකාරියන් දෙදෙනාව ඇතුළු සියලු සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

එම සැකකරුවන් පදවිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව ජුනි මස 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.

එසේම පහරකෑමට ලක්වූ කුඩා දරුවා එහිදී පරිවාස භාරයට පත්කර ඇත.

දරුවාට පහරදීමේ සිදුවීමේ සැකකරුවන් අද (05) අලුයම පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක් සහ 37 සහ 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

ඔවුන් වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.

(පෙර පුවත 2024 ජූනි 05, පෙ.ව. 10:43)

……………..

සමාජ මාධ්‍ය කැළඹූ කුඩා දරුවෙකුට පහරදීමේ වීඩියෝවේ පුද්ගලයින් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන කුඩා දරුවෙකුට පහරදෙන විඩියෝවට අදාළ පළාගිය පුද්ගලයා වන කුකුල් චමින්ද නැමැත්තා සහ මෙම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අද (05) අලුයම පුල්මුඩේ, අරසිමලේ ප්‍රදේශයේදීයි.

වැලිඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුල්මුඩේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව සිදුකරන ලද මෙහෙයුමකිනි.

අත්අඩංගුවට ගත් පිරිස සමග වයස අවුරුදු 4ක පහරකෑමට ලක්වූ වින්දිත පිරිමි දරුවාද සිටී.

නිරුපද්‍රිතව සිටි එම දරුවා පොලිස් භාරයට පත් කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධව වැලිඔය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved