Connect with us

කලා

අරුන්දතී රෝයිට PEN Pinter සම්මානය

Published

on

ඉන්දීය ලේඛිකාවක් වන අරුන්දතී රෝයි PEN Pinter සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත බව වාර්තා වේ.

62 හැවිරිදි ඇය පවසා ඇත්තේ මෙවර PEN Pinter ත්‍යාගය තමන්ට හිමි වීම ගැන තමන් ඉතා සතුටට පත්ව ඇති බවයි.

නාට්‍ය රචක හැරල්ඩ් පින්ටර් අනුස්මරණය කිරීම සඳහා පිහිටුවා ඇති මෙම සම්මානය ලෝකය දෙස “නොසැලී” බලන විශිෂ්ඨ සාහිත්‍ය කුසලතා සහිත ලේඛකයින් සඳහා පිරිනැමේ.

වසර 14කට පෙර රෝයි කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඉන්දියාවේ නිලධාරීන් ත්‍රස්ත විරෝධී නීති යටතේ ඇයට එරෙහිව පියවර ගැනීම ආරම්භ කර සති කිහිපයකට පසුව මෙම සම්මානය ලැබීම විශේෂිතය.

අරුන්දතී රෝයි බුකර් ත්‍යාගලාභී ලේඛිකාවක්වන අතර ඉන්දියාවේ මානව හිමිකම් ප්‍රශ්න මෙන්ම ගෝලීය වශයෙන් යුද්ධය සහ ධනවාදය පිළිබඳ ද නිතර කතා කරනු ලබන චරිතයක් ලෙස ප්‍රචලිතය.

පාලක භාරතීය ජනතා පක්‍ෂය ආණ්ඩුව විසින් මුස්ලිම්වරුන් ඉලක්ක කර ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන් රෝයි ඇයගේ විවේචනය විවෘතව ප්‍රකාශ කර ඇති අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලන සමයේදී ඉන්දියාවේ මාධ්‍ය නිදහස පිරිහීම ගැනද රෝයි විවෘතව අදහස් පළ කර තිබේ.

ඔක්තෝබර් 10 වැනිදා ඇයට PEN Pinter සම්මානය පිරිනැමීමට නියමිතය.

කලා

ඉන්දීය නළු මෝහන්ලාල් ලංකාවට

Published

on

By

ඉන්දීය අධ්‍යක්ෂ මහේෂ් නාරායනන්ගේ ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ජනප්‍රිය තරු රැසක් රඟන චිත්‍රපටයේ දෙවැනි රූගත කිරීමේ කාලසටහන සඳහා ඉන්දීය නළු මෝහන්ලාල් පසුගිය සෙනසුරාදා(14) ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු කොචි සිට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට පෙ.ව. 11:20ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-166 ගුවන් යානයෙන් ගොඩබැස්සේය.

වත්මන් රූගත කිරීමේ අදියර සම්පූර්ණ කිරීම සඳහා මෝහන්ලාල් දින 10ක් ශ්‍රී ලංකාවේ රැඳීසිටීමට අපේක්ෂා කෙරේ.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මෝහන්ලාල් පැවසුවේ, ශ්‍රී ලංකාව චිත්‍රපට රූගත කිරීම් සඳහා විශිෂ්ට ස්ථාන ලබාදෙන බවත්, ශ්‍රී ලංකාව වැඩකිරීමට ඉතා මිත්‍රශීලී ස්ථානයක් බවත්ය.

තමා ශ්‍රී ලංකාව නැරඹීමට කැමති බවත්, සිනමාව සඳහා නැවුම් පසුතල සහිත සුන්දර ගමනාන්තයක් බවත්, ශ්‍රී ලංකාවේ තවත් චිත්‍රපට රූගත කිරීමට දැනටමත් සැලසුම් කරමින් සිටින බවත් ඔහු පැවැසීය.

මෙම චිත්‍රපටය ඇන්ටෝ ජෝසප් චිත්‍රපට සමාගම සමඟ එක්ව ඇන්ටනි පෙරුම්බාවූර්ගේ ආශිර්වාද් සිනමාස් විසින් නිෂ්පාදනය කරනු ලැබේ.

ඊට මම්මූටි ඇතුළු ප්‍රමුඛ නළු නිළි පිරිසක් සහභාගී වෙති.

මෙම කාලසටහන තුළ ප්‍රධාන ක්‍රියාදාම දර්ශන රූගත කිරීමට අපේක්ෂා කෙරේ.

Continue Reading

කලා

රඟ මඩල හැඩ කෙරූ අයිරාංගනියට සම්මාන

Published

on

By

ප්‍රවීණ රංගනවේදනී අයිරාංගනී සේරසිංහ මහත්මිය 2025 Silver Screen සම්මාන උළෙලේ දී සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබුවාය.

2025 Silver Screen සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

1970-1975 වසරවල දේශීය සිනමාව පෝෂණය කළ කලාකරුවන් ඇගයීම මෙවර සම්මාන උළෙලේ අරමුණ විය. පද්ම ශ්‍රී කොඩිකාර, දිනේශ් ප්‍රියසාද්, ඉන්ද්‍රානි පෙරේරා යන කලාකරුවෝ ද මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

සංස්කෘතික හා බුද්ධශාසන අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය යන මහත්ම මහත්මීහු ඇතුළු කලාකරුවෝ රැසක් මීට එක් වූහ.

(ලංකාදීප)

Continue Reading

කලා

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයක්

Published

on

By

තායිලන්තයේ පැවති 23 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් ඊයේ (10) සමත් විය.

එහි ශූරතාව හිමිවූයේ ප්‍රංශයටයි.

මීට පෙර 2017 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති 18 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ දී මෙරටින් ඉදිරිපත් වූ මොහොමඩ් වසීම් විසින් සිව්වන ස්ථානය හිමිකරගෙන තිබේ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved