Connect with us

පුවත්

‘ගුරු වෘත්තීය නායකයන් ප්‍රභාකරන්ටත් වඩා අන්තයි’

Published

on


ඇතැම් පුද්ගලයෝ පාසල් වසා දමමින් වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා සිටිය ද අවුරුදු ගණනාවක් යුද්ධ කළ එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් කිසිදු දිනෙක පාසලක් වසා දැමීමට ඉඩ නොදුන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ප්‍රභාකරන් කිසිදු විභාගයක් කඩාකප්පල් නොකළ බව පැවැසූ ඇමැතිවරයා වෘත්තීය සමිති ඊට එහා ගොස් අනාගත පරපුර උකස් කර වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට උත්සාහ කරන බව සඳහන් කළේ ය.

වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම පිළිබඳව ගැටලුවක් නොමැති නමුත් අනාගත පරපුර උකස් කර වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට ඉඩ දිය නොහැකි බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ වැඩසටහන ආරම්භ කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (02) පැවති උත්සවය අමතමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසීයය.

කොවිඩ් – 19 වසංගතයෙන් පසු 2020 හා 2021 වසරවලදී පාසල් සියයට 50ක අධ්‍යාපන කටයුතු සිදු කළ බව පැවැසූ හෙතෙම එම කාලය තුළ සවස 1:30න් පසුව පැයක් වැඩිපුර වැඩ කිරීමට ලෑස්තිදැයි වෘත්තීය සමිතිවලින් නොවිමසූ බව ත් ඒ පිළිබඳව වෘත්තීය සමිති නායකයන්ගෙන් ලැබෙන පිළිතුර තමන් දැන ගෙන සිටි බව ත් කීය.

එසේ, අවුරුදු දෙකක් පාසල් සියයට 50ක් පවත්වන විට කිසිවෙකුගේ වැටුප් නතර නොකළ බව පැවැසූ හෙතෙම කිසිවෙකුට වැටුපෙන් අඩක් නොගෙවූ බව ත් එම කාලයේදී සියලු ම රජයේ සේවකයන්ට සම්පූර්ණ වැටුප ගෙවූ බව ත් සඳහන් කළේ ය.

2022 අප්‍රේල් මාසයේදී රට බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ පසු මාස දෙකක් පමණක් අවස්ථා දෙකකදී වැටුප් ගෙවූ බව ත් ඊට අමතරව රජයේ සේවකයන්ගේ වැටුප් සතයක්වත් අඩු නොකළ බව ත් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

වසර දෙකක කෙටි අතීතය සියලු දෙනාට අමතක වී ඇතැයි පැවැසූ හෙතෙම වැඩ වර්ජන මෙහෙයවන පිරිස් අධ්‍යාපනයේ හරය දැන ගෙන සිටිය යුතු අතර ලෝකය ද යන දිශාව දැනගෙන සිටිය යුතු බව කීය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved