Connect with us

පුවත්

සාරි, ඔසරි වෙනස් කළ පාසල් ගුරුවරියන්ට විනය ක්‍රියාමාර්ග

Published

on

සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසලට පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විනය ක්‍රියාමාර්ග ගන්නා ඇති බවත්, අධ්‍යාපනය අමාත්‍යාංශ විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් වැඩබලන කැබිනට් ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (22) පැවැසීය.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, පාසල් ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා තීරණයක් ගෙන ඇති බවත් ගුරුවරයාගේ ඇඳුම රටේ අනන්‍යතාව තහවුරු කරන සාධකයක් බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවැසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.

“මේ ප්‍රශ්ණය පිළිබදව අවසාන තීරණයක් අධ්‍යාපන ඇමතිතුමා ගැන දීලා තියෙනවා. ඇඳුම් සකස්වෙලා තියෙන්නේ රටේ අනන්‍යතාව, අපේ සංස්කෘතික අනන්‍යතාව තහවුරු වෙන ආකාරයට.

ඉන් ඔබ්බට ගත්තොත් ගුරුවරයා පිළිබඳව ශිෂ්‍යාට තියෙන ගෞරවය හා භක්තිය ආරක්ෂා වෙන ආකාරයට තමයි මේ ප්‍රමිතින් හදලා තියෙන්නේ. අපේ රටේ සංස්කෘතිය විනාශ කරන්න නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙනවා.ඒක බලවේගයක් තමයි ඔය කියන්නේ ඔය සංස්කෘතිය විනාශ කරන්න කියලා.

තවත් බලවේගයක් තමයි අයිස් වගේ මත්ද්‍රව්‍ය පාසල්වලට නොමිලයේ බෙදලා දෙන්නේ. මේ රටේ අනාගත පරම්පරාව විනාශ කරන්න දුෂිත බලවේග ක්‍රියාත්මක වෙනවා. වෙන වෙන රාජ්‍යයන් වලින් සංවිධාන වලින් උදව් ලැබෙන බවට තොරතුරු තිබෙනවා.

කෑගහන වෘත්තීය සමිති නායකයන්ට කියනවා රටේ සංස්කෘතිය ඉගෙන ගෙන ඔය වෘත්තීය සමිති කටයුතු කරන්න ”

Continue Reading

පුවත්

තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම

Published

on

By

තවත් පවුල් ලක්ෂ 4 කට ලබන මාසයේ අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවය.

සංක්‍රාන්ති කණ්ඩයට අයත් පවුල්, හාර ලක්ෂ 20000 ක අස්වැසුම ප්‍රතිලාභය පසුගිය අප්‍රේල් මාසයේ සිට නතර කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාව දහතුන් ලක්ෂ 80000 කි.

Continue Reading

පුවත්

දුම්රිය රියැදුරන් පිරිසක් අද වර්ජනයක

Published

on

By

දුම්රිය රියැදුරන් අද (06) දහවල් 12 සිට  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා ප්‍රකාශ කළේ, පානදුර හා මොරටුව අතර සංඥා පද්ධතියේ දෝෂය නිවැරදි නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බවය.

මොරටුව, මෝදර ප්‍රදේශයේදි දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් සාගරිකා දුම්රිය ඊයේ (05) එම ස්ථානයේ නතර කෙරිණි.

ඒ, එය දුටු පුද්ගලයෙකු දැඩි වෙහෙසක් දරා දුම්රිය නතර කරන ලෙසට සංඥා කිරීමත් සමගය.

එම අවස්ථාවේ දුම්රිය  මාර්ගය තාවකාලික වසා දමා දැමුණි.

එසේ තිබියදී පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරි ඇති අතර සංඥාවලින් පෙන්නුම් කර තිබුණේ, බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අගවන කොළ පැහැති ආලෝකයයි.

එහිදි දුම්රිය අනතුරක් සිදුවීමට යාම වැලැකුණේ අදාළ දුම්රියේ රියැදුරුගේ විමසිලිමත් බව හේතුවෙනි.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

අද (06) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති වේ.  

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved